රුසියාවට ගැඹුරු ප්‍රහාර දියත් කිරීමට දිගුදුර මිසයිල ලබාදෙන ලෙස සෙලෙන්ස්කි ඇමරිකාවෙන් ඉල්ලයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 01: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ(31)දිනයේදී වොෂින්ටනයේදී ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීන් හමුවීමෙන් අනතුරුව එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනියට ආයාචනා කරමින් ඉල්ලා තිබුණේ, රුසියානු භූමිය තුළ හමුදා ගුවන් තොටුපලවල්, ඔවුන්ගේ කඳවුරු සහ රුසියානු සැපයුම් වලට පහර දීමට ආධාර හා දිගු දුර ෂෙල් සහ මිසයිල යුක්රේනයට ලබාදෙන ලෙසයි.

මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් යුක්රේන ආරක්ෂක ඇමති Rustem Umerov, සඳහන් කර තිබුණේ, රුසියානුවන් අපට ඇති රුසියානු භීෂණයට එරෙහිව පුරවැසියන් ආරක්ෂා කිරීමට අපට අවශ්‍ය කුමන ආකාරයේ හැකියාවන්ද යන්න අපි පැහැදිලි කළ බවත්, ඔවුන් අපට සවන් දෙනු ඇතැයි හෙතෙම බලාපොරොත්තුවන බවත්ය.

කෙසේ නමුත් එළඹෙන මස නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම්වලට යුක්රේනය සහභාගී වන විට මෙහා සමාන ඉල්ලීමක් ඔවුන් කරනු ඇතැයි අපේක්ෂා කරණ අතර වොෂින්ටනය රුසියානු යුද්ධය ආරම්භ වූ 2022 සිට යුක්රේනයට ඩොලර් බිලියන 50 කට වඩා වටිනා මිලිටරි ආධාර ලබා දී ඇති නමුත් එහි ආයුධ යුක්රේන භූමියට සහ ආරක්ෂක මායිම් මෙහෙයුම් වලට සීමා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...