*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයා ගනියි

සටහන : සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 01: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ උමං මාර්ගයක කරන ලද වැටලීමකදී එක්සත් ජනපද ද්විත්ව ජාතිකයෙකු ඇතුළු සිරකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබේ.

හමස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 දා දියත් කරන ලද ප්‍රහාරයෙන් රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් වන Carmel Gat, Hersh Goldberg-Polin, Eden Yerushalmi, Alexander Lobanov, Almog Sarusi සහ Ori Danino යන අයගේ සිරුරු මෙලෙස හඳුනාගෙන ඇති අතර ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ඔවුන් වෙත ළඟා වීමට ටික වේලාවකට පෙර හමාස් ත්‍රස්තවාදීන් විසින් ඔවුන් අමානුෂික ලෙස ඝාතනය කරන ලද බවයි.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරීම හේතුවෙන් ඊශ්‍රායල් සිරකරුවන් ඝාතනයට නෙතන්යාහු වගකිව යුතු බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින ගාසා තීරයේ යුද්ධයට තුඩු දුන් දකුණු ඊශ්‍රායලයට හමාස් විසින් මෙහෙයවන ලද අමානුෂික ආක්‍රමණයේදී අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් 250 දෙනෙකුගෙන් 100ක් පමණ තවම ජිවතුන් අතර ඇතැයි විශ්වාස කරන අතර අනෙක් අයගේ ඉරණම නොදනියි. කෙසේ නමුත් පවතින දැඩි පීඩනය හමුවේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලය හමාස්හි වගකිවයුත්තන් අල්ලා ගන්නා තුරු විවේක නොගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ප්‍රාණ ඇපකරුවන් හය දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් තමා අතිශය කෝපයට පත්වූ බවත්, හමාස් නායකයින් මෙම අපරාධ සඳහා වන්දි ගෙවනු ඇති බවත්, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගනුදෙනුවක් සඳහා අපි පැය 24 පුරාම වැඩ කරන්න බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan