කොළඹ LNW:2024 ජනාධිපතිවරණයට ඇත්තේ තව තෙසතියකට අඩු කාලයක්. දවසින් දවස ජනාධිපතිවරණ ජන්ද විමසීම ලං ලං වන විට දේශපාලන පිටියේ උණුසුමත් දෙගුණ තෙගුණ වෙමින් ඉදිරියට ඇදෙමින් තිබෙනවා. කොහොම නමුත් දැන් මේ වන විට සියලු කඳවුරු පාහේ බෙදී වෙන්වී අවසන් බවක් පෙනෙන්නට තිබෙන නමුත් ඒ අභ්‍යන්තර තත්ත්වයන් දිනෙන් දින වෙනස් වන්නේ මැතිවරණ ප්රචාරක කටයුතු සමඟ එළියට පෙනෙන්නට තිබෙන රැල්ලේ ස්වභාවයත් එක්ක. මේ වෙද්දී හැමෝම වගේ බලාගෙන හිටපු TNA හෙවත් දෙමළ ජාතික සන්ධානයේ තීරණයත් ප්‍රකාශයට පත්ව තිබෙන නමුත් එහි බෙදීමක් දැකගැනීමට හැකියි. සුමන්තිරන් පාර්ශවය සමඟි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දක්වන බව ප්‍රකාශ කළද එහි නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේ එවැනි තීරණයක් ගැන තමන් නොදන්නා බවත් සුමන්තිරන්ලා පැවැත්වූ රැස්වීම ගැන හෝ තමන් ඇතුළු බහුතරයක් මධ්‍යම කාරක සභා සාමාජිකයින් නොදන්නා බවත්. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාසට සහය දීමට කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කර තිබුණා. කොහොමත් පසුගිය කාලය පුරාම මාවෙයි සේනාධිරාජා කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමීපව බව පෙනෙන්නට තුබුණු දෙයක්. දෙමල ජාතික සන්ධානය තුළ වුණත් සුමන්තරන්ලා අභිබවා යාපනය තුළ ස්ථාපිත වී සිටින්නේ මාවෙයි සේනාධිරාජා වන අතර යාපනය ජනතාවට සමීප සබඳතා ඇත්තේද ඔහු සමන් වීම විශේෂත්වයක්. එවන් පසුබිමක දෙමල ජාතික සන්ධානය ලෙස පොදු තීරණයක් ගැනීමට වෙනුවට බෙදුණු තීන්දුවකට තල්ලු වීම තුළත් රටේ අනාගත දේශපාලන පරිවර්තනය වෙනුවෙන් සොබාදහම කළ ආශිර්වාදයක් බවත් බෙහෝ දෙනා දැන් පවසමින් සිටිනවා.
කොහොමත් වාර්තා වුණු අන්දමට විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඇතුළු කණ්ඩායම නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දක්වනවා යන්න ප්‍රකාශ කිරීම නොව ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ වංචාවෙන් දුෂණයෙන් තොර අදුෂිත කණ්ඩායමකට සහය දෙන ලෙස සිය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කිරීමටයි. කෙසේවෙතත් කුමන හෝ විශේෂ හේතුවක් මත එම තීරණය වෙනස් වී ඔවුන් සජිත් ප්‍රේමදාස පාර්ශවය තෝරා ගැනීමකට ලක් කළද සුමන්තිරන් පාර්ශවය වෙත TNA හි 50%ක් හෝ නොමැති බවද වාර්තා වෙනවා. TNA හි මධ්‍යම කාරක සභාවේ බහුතරය සිටිනේ මේ තීන්දුව ගැන කිසිදු පූර්ව දැනුවත්භාවයකින් නොවීම යන්න ප්‍රකාශ වීමත් සමඟ සමඟි ජන බලවේගය තුළද යම් කැළඹිල්ලක් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස ගැන සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ කැමැත්ත පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද අනාවරණයත් TNA හි අභ්‍යන්තර දේශපාලන එකඟතා ප්‍රශ්න කරන තැනට පසුබිම නිර්මාණය වී ඇති බවත් සඳහන්. මේ අතර එහි තවත් පිරිසක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහය දිය යුතු බවටද යෝජනාවක් පැමිණ ඇති බවයි වාර්තා වුණේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම සිය තීරණය ප්‍රකාශ කිරීමට පෙර පසු වී ඇත්තේද මේ මොහොතේ සාම්ප්‍රදායික දේශපාලන තීන්දුවෙන් බැහැරව වෙනස් තීන්දුවකට යා යුතු බවට වන ස්ථාවරයක බවත් කියවුණා. කෙසේවෙතත් දැන් සුමන්තිරන් පාර්ශවය සිය තීරණය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වනු ඇති වුවත් සිදුව තිබෙන TNA බෙදීම හිතන තරම් සජිත් ප්‍රේමදාසට වාසියක් නොමැති බවටයි වාර්තා වුණේ. ඒ නිසාම දකුණේ මැතිවරණ ප්රචාරක කටයුතු තව තවත් තීව්ර කළ යුතු බවටද සමඟිය තුළ සාකච්ජා වී තිබෙනවා.
එක පසෙකින් සජිත් අනුර සටනක් වගේම සජිත් රනිල් සටනකුත් තිබෙන නිසා මේ ජන්ද සටන හෙට අනිද්දා වෙද්දී සීතල යුද්ධයක් බවට පත්වෙන එකත් වළක්වන්න බැහැ. මේ සීතල යුද්ධය අතර යටි පෙළ අනාවරණය වීමත් වලක්වා ගන්න නොහැකි වනු ඇති අතර එය 21 වැනිදා ජනතා මනාපය ටක්කෙටම සහතික කරගැනීමටත් පාර පෙන්වනු ඇති.
ASK