අපි මහින්ද චින්තනය නවීකරණය කරලා තියෙන්නේ – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW: මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය වඩා නවීකරණය කර, නව ලෝකයට ගැළපෙන අකාරයෙන්‍ ‘‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’’ නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.09.04) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මහින්ද චින්තන ඉදිරිදැක්ම යන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකළ ආකාරයටම මෙම ‘‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන ඉටුකළ හැකි කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර මේ රට දියුණු රටක් බවට පත්කර ඔබගේ හෙට දවස යහපත් කිරීමට කටයුතු කරන බවයි කාරියවසම් මහතා පැවසුවේ. .

”අද රාජ්‍ය සේවකයින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකරනවා. විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය සේවකයින්ට අභිමානවත් ලෙස තම සේවය ඉටුකිරීමේ හැකියාව ලබාදුන්නේ , රාජ්‍ය සේවය ඉහළ තලයකට ගෙනිච්චේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති යටතේ. ඒ ප්‍රතිපත්තිය වඩා නවීකරණය කරලා, නව
ලෝකයට ගැලපෙන අකාරයෙන් ඒ මහින්ද චින්තන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන‘‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’’ නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අපි ප්‍රකාශ කරනවා. මේ රටේ රාජ්‍ය සේවකයාට අභිමානවත් ලෙස සිය රාජකාරි කිරීමේ හැකියාව අපි සලස්වා දෙනවා.ඡන්දදායකයින් අවබෝධයෙන් සිටිය යුතුයි ඉතාම කුමණ්ත්‍රණකාරි ලෙස එකම ආකාරයේ නම් තිබෙන අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ කටයුත්තක් සිදුකර තිබෙනවා. අද සහ ඉදිරියේදී තැපැල් ඡන්දය භාවිතා කරන ඡන්දදායකයිගෙන් සහ 21 දා ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ නම තිබෙන අපේක්ෂකයෝ තව සිටින්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් පොහොට්ටුව කියන ලකුණ බලලා ඒ ලකුණ ඉදිරියේ ඔබගේ කතිරය සලකුණු කරන්න කියලා ඉල්ලා සිටිනවා.”
යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...