ජනාධිපතිගේ අරමුදලට කෝටි ප්‍රකෝටි ගණන් වෙන් වුණාට රටේ මන්දපෝෂණය තුරන් කරන්න මුදල් වෙන් කරන්න බැරි වෙලා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය වැඩි වෙමින් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ 2022 දත්ත අනුව ළදරුවන් සහ අවුරුදු 2 දක්වා වන ළමුන් අතර අඩු බර සහ මිටි භාවය වැඩිව ඇති බවත් ආර්ථික අර්බුදයෙන් පසු අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට කුටුම්භවලින් 1/4ක් පමණ මධ්‍යස්ථ මට්ටමින් ආහාර අනාරක්ෂිතභාවයක පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර මිටි බව 10.3%ක වර්ධනයක් ඇති බවත් එය පෙර වසරට වඩා 9.2% වර්ධනයක් බවත් 2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණය අනුව 5-18 අතර 37.4%ක් හා 10-17 අතර ළමුන්ගෙන් 1/3ක් මිටි, කෘෂ හෝ අධික බර හෝ තරබාරුකම ඇති බවත් ප්‍රධාන පෝෂණ ගැටලු රාශියක් ඇති බවත් මෙය බරපතල බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙවැනි තත්ත්වයක් උඩ රජයට පෝෂණ ප්‍රතිපත්තියක් නොමැති බවත් සඳහන් කළේය.

මෙය අපේ ළමා පරපුර විනාශ මුඛයට ගෙන යාමක්

මේ ඉලක්ක සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒවා අධීක්ෂණය කිරීමට පවා ක්‍රමයක් තිබිය යුතු වුවත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් තවමත් නොමැති බවත් මේ හේතු නිසා පාසල්වල දිවා ආහාරය ලබා දිය යුතු බවත් පැවසූ ඒ මහතා ජනාධිපතිවරයාගේ අරමුදලට කෝටි ගණන් මුදල් වෙන් කරන්න පෙර මේ සඳහා මුදල් වෙන් කළ යුතු බවත් ඒ කිසිවක් නොමැතිව ජනාධිපතිගේ සුඛවිහරණය උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කිරීම අනුමත කළ නොහැකි බවත් මේ නිසා පාසල් දරුවන්, දරු පරපුර විනාශ වන බවත් තවදුරටත් පැවසීය.

මහපොළ දීමනාවවත් 10,000ක් කරන්න රජයට තවම බැරිවෙලා

විවිධ සංතෝසම් ලබා දෙන්න, මන්ත්‍රීවරු බා ගන්න මුදල් ඇති මුත් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සඳහා මුදල් නොමැති බවත් රජයෙන් මේවාට විසඳුම් නොමැති බවත් මේ වන විට සරසවි සිසුන්ට මාස්පතා හෝ මහපොළ නොලැබෙන බවත් අවම වශයෙන් මහපොළ 10,000ක් වත් විය යුතු බවත් පාසලේ සිට සරසවි සිසුවා දක්වා මෙහි බලපෑම ප්‍රබල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...