*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

අපි තීරණයක් ගත්තාට පස්සේ ඒ පැත්තට තමයි බර වැඩිවෙන්නේ – සුමන්දිරන්

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කළේ පැය පහක සාකච්ඡාවකින් අනතුරුව බවත් උතුරේ ජනතාව නියෝජනය කරන ප්‍රධානතම පක්ෂය එය බැවින් තමන් තීරණයක් ගත් පසුව ඒ පැත්තට ජයග්‍රහණයේ බර වැඩිවෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“දෙමළ ස්වාධීන අපේක්ෂකයාට පුළුවන්ද ජනාධිපතිවරණයෙන් දිනන්න ? එයාට පුළුවන්ද අපි ඉල්ලන අයිතිවාසිකම් ලබාදෙන්න. බැහැනෙ… ඒක කවුරුත් දන්නවා. 2019 ජනාධිපතිවරණයේදී අපි අපේ මුළු සහාය ලබාදුන්නා සජිත් ප්‍රේමදාස මහතාට. ඒක කවුරුත් දන්නවා. මේ සැරේදීත් අපි එතුමාට ඒ සහාය ලබාදෙනවා”

ප්‍රශ්නය – උතුරේ ඡන්ද කොච්චර තියෙනවාද ?

“ලක්ෂ 10ක් විතර”

ප්‍රශ්නය – ඒක කොයි විදියට බෙදිලා යයි කියලාද ඔබතුමා හිතන්නෙ ? ජනාධිපතිතුමාට කොටසයි, සජිත් මහත්තයාට කොටසයි, අනුර මහත්තයාට කොටසක් තිබෙනවාද උතුරේ ? සමස්ත ප්‍රතිඵලයට මේ ලක්ෂ 10 වැදගත් ..

“දැන් අපි තීරණය ගත්තාට පස්සෙ ඒක වෙනස් වෙනවා. අපි තමයි ඒ ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය. අපි තීරණයක් ගත්තාට පස්සේ ඒ පැත්තට තමයි බර වැඩිවෙන්නේ”

ප්‍රශ්නය – ඇයි ඔය තීරණය ගන්න ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකයා ලංකාවට ඇවිල්ලා යනකල් ඉන්න ඕනෙ වුණේ ?

“ඒ වෙනකල් අපි හිටියෙ නෑ. එයා එනවා කියලාත් අපි දන්නෙ නෑ. අපි පස්වතාවක් මේ රැස්වීම් තිබ්බා. කොහොමත් තැපැල් ඡන්දයට කලින් අපි මේ තීරණය ගන්න ඕනෙ කියලා තමයි පළවෙනිදා අපි පැය පහක් කතාකරලා තමයි මේ තීරණය ගත්තේ. මම දැන් මෙතන කියන්නේ, අපට තෝරාගත් අපේක්ෂකයින් දෙන්නෙක් තමයි හිටියෙ. එක්කෙනෙක් සජිත් ප්‍රේමදාස, අනිත් කෙනා අනුර කුමාර දිසානායක. අපි දීර්ඝ සාකච්ඡාවක් කළා, අපි තෝරාගත්තා සජිත් ප්‍රේමදාසව”

ප්‍රශ්නය – ඇයි ඒකට හේතුව ? ඇයි අනුරව නැතිව සජිත්ව තෝරාගන්න කිසියම් එකඟතාවක්, ගිවිසුමක් තියෙනවාද ?

“නෑ, ගිවිසුමක් නෑ. ඒ තීරණය සමහර වෙලාවට අනිත් පැත්තටත් යන්න ඉඩ තිබුණා. හැබැයි අපේ ජනතාව ගිය සැරේ සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දුන්නා. එතුමාට ඒ වරම ලැබුණෙ නෑ. මේ සැරේත් ඒක දීලා බලමු කියලා තමයි අපි තීරණය කළේ. අනුර සහෝදරයා ගැන එච්චර අඳුනන්නෙ නෑ. එතුමා උතුරට ඇවිල්ලා නෑ. දැන් තමයි එන්නෙ”

ප්‍රශ්නය – දැන් වික්‍රමසිංහ මහත්තයා ? එයා හොඳ නැද්ද ?

“වික්‍රමසිංහ මහත්තයාව හොඳට අඳුනනවා, ඒක නිසා තමයි එයාව ප්‍රතික්ෂේප කළේ”

ප්‍රශ්නය – ඇයි ඒ ?

“එතුමා හය වතාවක් රටේ ආණ්ඩු කරලා තියෙනවා. හය වතාවක් අගමැති ධුරයේ ඉඳලා තියෙනවා. දැන් ජනාධිපති ධුරයේ ඉඳලා තියෙනවා. ඒ නිසා අපේ ජනතාවට එතුමා ගැන අවබෝධයක් තියෙනවා”

ප්‍රශ්නය – හැබැයි ඒ කාලෙ ඡන්ද සිතියම බැලුවාම උතුරු නැගෙනහිර කොළ පාටින්නෙ ලකුණු වුණේ ?

“ඔව්, ඒක රාජපක්ෂලාට විරුද්ධව දුන් ඡන්ද. මේ පාර වෙනස් වෙන්නෙ රනිල් රාජපක්ෂ නිසා”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන විවාදයකදී ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan