ලක්ෂ 36ක වංචාවේ සැකකරුවන් ඇල්ලීමට උසාවි නියෝගයක්. නියෝගයේ මගේ නම නෑ – වසන්ත සමරසිංහ කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දීමෙන් සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන අවසන් කර එහි සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (06) නියෝග කර තිබේ.

ඒ එම විමර්ශනය පිළිබඳ ප්‍රගතිය කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් ඊයේ අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී ය. ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි.

මෙම නඩුව සම්බන්ධයෙන් නීතීඥ අතුල රණගල මහතා ඇතුළු පිරිසක් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වීමක් ද සිදුකළහ.

“2024 ජනවාරි 02 වනදා පැමිණිල්ලක් කරනවා නැෂනල් වර්ක්ස් ඉන්ස්ටියුට් ආයතනය විසින් ඔවුන් සතු දේපළක් වංචනිකව අත්පත් කරගෙන ලක්ෂ 36කට බදු දීමෙන් වංචාවක් කරපු බවට ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් කරලා, විශේෂයෙන්ම වසන්ත සමරසිංහ මුල් කරගෙන කරපු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කරලා, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා අද දින ගරු අධිකරණය මේ නඩුව කැඳවීමේදී ඉතා පැහැදිලි ලෙස මේ දැනට ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂි මත ඉතා පැහැදිලිවම එම වංචාව හෙළිවෙලා තියෙනවා, එහෙනම් මේකට අදාළ වගකිවයුත්තන් වහාම අත් අඩංගුවට ගන්න ඕනෙ කියලා. ගරු මහේස්ත්‍රාත්තුමිය මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනය අවසන් කරලා මීට අදාළ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියමි කරමි කියලා නියෝගයක් අද දින ලබාදුන්නා”

මේ චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ඊට පිළිතුරු දී තිබුණේ මෙලෙසිනි.

“ගරු අධිකරණය කියලා පරීක්ෂණය අවසන් වුණාම වැරදිකරුවන් අධිකරණයට එහෙනම් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි එහෙම තියෙද්දී දැවැන්ත බොරුවක් අරන් යනවා මේ සමගි ජන බලවේගය වසන්ත සමරසිංහව අත් අඩංගුවට ගන්න කිව්වා කියලා. B වාර්තාවේ එහෙම එකක් නෑ. අධිකරණය එහෙම එකක් කියලා නෑ. හැබැයි දැන් සමගි ජන බලවේගය තමයි අධිකරණය තීරණය ක්‍රියාත්මක කරන්න හදන්නෙ. ඒ නිසා අපි ලබන සඳුදා මේ සමගි ජන බලවේගයේ හෙළුව මොකක්ද කියලා හෙළිදරව් කරන්නම්”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...