මාලිමා එක්ක එන්න යන්න …. ගුලාගයේ ලුණු බත් කන්න ….

Date:

දැන් දවස් කීපයකට කලින් ලිව්වා සංගීත් විජේසුරිය පව් කියල දැන් කියන්න තියෙන්නේ මේරියන්ස්ල පව් කියල. ඇත්තටම අපි ඔක්කොම පව්.

ඇයි මම මෙහෙම කියන්නේ? මොකක්ද මේ සිද්ද වෙමින් යන්නේ?

ඇත්තටම මේරියන්ස්ලගේ ”මාලිමා එක්ක එන්න යන්න” (original by Claude de Soyza) කියන ඒ පොඩි ක්ලිප් එක බැලුව ගමන් මට තේරුණේ උන් ටික මාලිමාවවට පක්ෂව ඒක කෙරුව වගේ දෙයක්. නක්කලයක් හැටියට තේරුනේ නැහැ. නමුත් එහෙම නක්කලයක්වත් දාන්න බැරි ශුද්ධ වස්තුවක් ලෙස මාලිමාව භෞතිස්ම කලාට පස්සේ තමයි තේරුණේ වාමාංශික නැඹුරුවක් සහිත කිසිම දෙයක් හාස්‍යයට ගන්න බැහැ කියන එක.

ඇත්තටම මෙතන ඉන්නේ මේරියන්ස් බෑන්ඩ් එකේ රෝසා ඇතුළු කීප දෙනෙක්, නලින් නැහැ. ඒ නිසා මේරියන්ස් හැටියට ගන්නත් බැහැ.

කොහොම උනත් මෙහෙම පොඩි විහිළුවක්වත් කරන්න බැරි තරමට මාලිමාවේ පරිවාරය (වගේම ඇතුලත්) මූලධාර්මික වෙනවා නම් අපි යන්නේ අනිවා විසිවෙනි සියවසේ මුලට.

කොහොමත් මුල ඉඳන් ”පළමුව ලියුම් දෙයි” සිංදුවේ ඉඳල ගත්තම මේරියන්ස් කියන්නේ සොමියට බර බෑන්ඩ් එකක්. ජිප්සීස් වගේමයි. ජිප්සීස් කොච්චර නම් දේශපාලන ප්‍රහසන කරලා තියනවද? කවදාවත් කවුරුවත් උන්ට මොනවත් කියන්න ගියේ නැහැ.

ලංකාවේ දේශපාලනඥයින්ව කොයිතරම් උපහාසයට ලක්කරලා තියනවද. ඒත් ගොඩක් ඔය කියන දක්ෂිණාන්සික අය ඒවා ගැන එච්චර පස්සෙන් දිව්වේ නැහැ.

මම කියන්නේ රෝසා කරපු ඒ ක්ලිප් එකේ නක්කලයක් තිබ්බ උනත් ඉවසන්න බැරි කිසිවක් තිබ්බේ නැහැ. හිනාවෙලා අමතක කරන්න තිබ්බ දෙයක් තමයි මේ සමාවගන්න තැනට ගෙනාවේ.

ජනප්‍රියත්වය කොච්චර භයානක ද එක අතකට…. විශේෂයෙන් ඒක මිනිස්සුන්ගේ අතට ගියාම.

(කවුරුත් කලබල වෙන්න ඕනි නැහැ. මේක දැම්ම කියල මාලිමාවේ ජනප්‍රියත්වය දශමයකින්වත් අඩුවෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක්).

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජේ : තමිල්නාඩුවේ මාලිමාව ….

අද කතාව විජේ ගැන. විජය කුමාරතුංග නෙවෙයි. තලපති විජේ...

ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට...

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...