නවලෝක සහ ආසිරි රෝහල් තුළ සැත්කම්වල ප්‍රශ්නයක් නැහැ – රෝහල් වෙතින් තහවුරුවක්!

Date:

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නවලෝක සහ ආසිරි පෞද්ගලික රෝහල් තුළ සැත්කම් බොහෝ ප්‍රමාණයක් නතර කිරීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පළකර තිබෙන ප්‍රවෘත්තිය නිවැරදි බවක් නැතැයි එම රෝහල් දෙකෙහිම ප්‍රකාශකයින් දෙදෙනෙකු සඳහන් කරන ලදී.

ඒ අනුව පිළිතුරු දීමේ අයිතිය තහවුරු කරමින් රෝහල පාර්ශවයෙන් අප වෙත අවධාරණය කළ කාරණයද අපි වාර්තා කර සිටිමු.

ඔවුන් පැවසුවේ මෙම පෞද්ගලික රෝහල් තුළ සැත්කම් සම්බන්ධයෙන් එවැනි ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව නැති අතර සාමාන්‍ය පරිදි රෝහලේ කටයුතු සිදුවන බවයි.

මෙහිදී ආසිරි රෝහලේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ ඔවුන් සතුව සෑම අවස්ථාවකම ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අවශ්‍ය දෑ සංචිතයක් ලෙස පවත්වාගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...