ජනපතිගේ මඩකලපු රැළියට ජීව උණ්ඩයක් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ දී අද (08) පෙරවරුවේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ අදාළ පුද්ගලයා සන්දිවේල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්,ජන රැළිය සඳහා රනිල් වික්‍රමසිංහ පැමිණීමට සුළු වේලාවකට පෙර සිදුකළ සෝදිසියක දී සැකකරුගේ පසුම්බිය තුළ තිබී ජීව උණ්ඩය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ය.

මීට අවුරුදු තුනකට පෙර මාර්ගයක තිබී සොයාගත් ජීව උණ්ඩය තමා පසුම්බියේ තබාගෙන සිටි බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සන්දිවේල් පොලීසිය මගින් සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...