මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගෙනුත් ලංවිමට මිලියන 02 ක පොල්ලක් ?

Date:

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට අයත් හෝටලයකට ලබාගත් විදුලිය සඳහා ගෙවිය යුතු හිග මුදල් රුපියල් මිලියන 02 කට වැඩි ප්‍රමාණයක් එකතු වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. අදාල හෝටලයේ හිග විදුලි බිල මේ වනවිට රුපියල් ලක්ෂ 21 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනක රත්නායක මහතාට අයත් මෙම හෝටලය කොළඹ 07, ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ විදුලි බිල්පත් පියවීම සඳහා හෝටල් කර්මාන්තය වෙත ලබා දී ඇති සහන කාලය මත මෙම හිග මුදල එකතු වී ඇති බවයි. මේ වනවිට අදාල හිග මුදල් පියවමින් සිටින බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...