අද (11) දවසේ වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ

සටහන – රුවන් නෙළුගොල්ල

අද (11) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...