ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිතයි.ඉදිරි වසර 10ට මගෙන් රැකියා ලක්ෂ 20ක් – නාමල්

Date:

කොළඹ LNW:දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඉදිරි වසර 10 තුළ රැකියා ලක්ෂ 20ක් බිහිකිරීමේ සැලැස්මක් තමන් සතුව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තාක්ෂණය ඒකාබද්ධ කරමින් විනිවිදභාවයකින යුතුව සියලුම ප්‍රසම්පාදන කටයුතු සිදුකරන අතර තාක්ෂණයේ උපයෝජනය හරහා මැතිවරණ වේදිකාවෙන් වංචාව,දුෂණය ඉවත් කරන බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

“ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රය හදාගන්න පෝලිම්වල ඉන්න යුගයක් ගැන කතා කරන කාලයක සැබෑ පෝලිම අයින් කරන තැනට අපේ රටේ පරිපාලන ව්‍යුහය අපි පරිවර්ථනය කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. ඒ අයින් කරන්නේ තාක්ෂණයෙන්, ප්‍රසම්පාදන ක්‍රමවේදයේ ඉඳන් ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලංසු ක්‍රමයට ටෙන්ඩර් පටිපාටියන් හඳුන්වා දීලා, ඒ තාක්ෂණයත් එක්ක බද්ධ කරලා, විනිවිඳභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් ඒ තුළින් නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් එක්ක. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මාතෘභූමිය මහ පොළොවේ පය ගහලා ඉන්න දෙමාපියන්ගේ, දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්න. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය වෙන්න පුළුවන් ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුළුවන්, සේවා අංශය වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශවල වෙන්න පුළුවන්, රැකියා ලක්ෂ 20ක් ඊළඟ අවුරුදු 10 තුළ ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාරගන්නවා” යනුවෙන් රාජපක්ෂ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...