විදෙස් ප්‍රේශණ වැඩිවෙලා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ (LNW):

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ අගෝස්තු මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් අති බවද සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන, විදේශ රැකියා ක්ෂේත්‍රය, මනුෂ නානායක්කාර මහතාට ලබාදුන් දිනයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 13.016 ක් බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 4288 ක මුදලක් මෙරටට එවා ඇත.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර හිමිව තිබුණු බවත්, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හතක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබී තිබුනු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කියා සිටී.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...