මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද? ජනපති ප්‍රශ්න කරයි!

කොළඹ LNW: මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද ආනයන ආර්ථිකයද යන්න පක්ෂය තුළ විවාද කර එකඟතාව තමන්ට දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) කුරුණෑගල දී පැවති ව්‍යාපාරික හමුවේදී පැවසුවේය.

අනුර කුමාර දිසානායක මහතා කැලණියේදී ප්‍රකාශ කළේ අපනයන ආර්ථික ප්‍රතිපත්තියක් ගැන වූවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

අපනයන ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්නේ නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කර එය සිදුකළ නොහැකි බවටයි වික්‍රමසිංහ මහතා කියාසිටියේ.

”මම ඉස්සෙල්ලම කියන්නේ හිටපු කෘෂිකාර්ම ඇමති අනුර දිසානායකයි,සුනිල් හදුන්නෙත්තියි,සූරියප්පෙරුම මැතිතුමායි විවාදයක් කරලා අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද?කියල අපට කියන්න. ඒක ඉස්සෙල්ලා කියන්නකෝ. ඒක දැනුම් දුන්නට පසේ එතුමයි මමයි IMF එකේ කළමනාකරණ අධ්‍යක්ෂතුමියයි ඔක්කොම සාකච්ජාවක් අතිකරමු. අපි දෙන්න විතරක් කතා කරලා වැඩක් නෑනේ. ඕන නම් සජිත්ටත් එන්න කියන්න. අපි ලෑස්තියි. ඒ නිසා ඉස්සෙල්ලා ඔයාලා විවාද කරලා තීරණයක් අරගන්න.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...