*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

3%ට වැටුණු අපි අවුරුදු හතරකින් පහකින් දිනන තැනට ආව නම් රට හදන එකත් අපිට අමාරු දෙයක් නෙවෙයි – ටිල්වින්

කොළඹ LNW: 3%ට වැටුණු පක්ෂයක් වසර හතරක පහක කාලයක් තුළ ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට හැකි නම් අපට රට ගොඩගැනීමත් අමාරු දෙයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජාතික ජන බලවේගය මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු රට තුළ කිසිදු කලබලයක් ඇති නොවන බවත් එවැනි ජයග්‍රහණයක් කැත කර ගැනීමේ අවශ්‍යතාවක් ජාතික ජන බලවේගයට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

”අපි එන්නේ කලබල ඇතිකරන්න නෙවෙයි. අපට කිසිම කලබලයක් නැහැ. අපිට ප්‍රකෝප වෙන්න කිසිම හේතුවක් නැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී 3% මට්ටමට වැටුනට පස්සෙත් අපි කලබල කළේ නැහැ. 3%ට වැටුනට පස්සෙත් අපි සටන අතහරින්නේ නැතුව ඉතා ධෛර්යෙන් ඇවිල්ලා ඒ වගේ පරාජයකින් අවුරුදු පහකට පස්සේ ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමට පක්ෂය හදාගත්තු අය. මහජන ව්‍යාපාරයක් හදපු අය. පැරදිච්ච පක්ෂයක් ජයග්‍රහණය කරා ගේන්න පුළුවන් වුණා නම් අවුරුදු හතරකින් පහකින් රටක ගොඩගන්න එක අමාරු දෙයක් නෙවෙයි. අනිත් පැත්තෙන් අපි කලබල වුණේ නැහැ කවදාවත්.මේ ජන්ද ප්‍රතිඵලයට කලබල වෙන්න ඕනෙත් නැහැ. මොකද අපි දිනුවම අපි කිසිසේත්ම කැමති නැහැ ඒ ජහග්‍රහණය අවලස්සන කරගන්න. ඒකට කළුපැල්ලම් එකතු කරගන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. අපි කැමති ජන්දෙන් පස්සේ මලිමාවට ජන්දය දීපු අයයි, මලිමාවට ජන්දය නොදීපු අයයි ඔක්කොම එකතුවෙලා මේ රට හදන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම අත්වැල් බැඳ ගන්න ඕනේ. අපි දන්නවා මෙච්චර කාලයක් ජන්දය ඉවර වුණාම දිනපු පාර්ශවය පැරදිච්ච පාර්ශවයට පහර දුන්නා තමයි. ගෙවල් ගිනිතිබ්බා,පහරදුන්නා,ලේ වැගිරීම් කළා,මැතිවරණ ව්‍යාපරය තුළ ඝාතන කළා.හැබැයි මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එහෙම නැහැ. බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙලා නැහැ. ඒකට හේතුව තමයි ප්‍රචණ්ඩ ක්‍රියා කරන පාලක කණ්ඩායම දුර්වලයි. අද ආණ්ඩුවක් නෑ රටේ. රනිල් වික්‍රමසිංහ එක පැත්තක.මහින්ද රාජපක්ෂ තව පැත්තක.තව කට්ටියක් තව පැත්තක.අපි දැක්කා රනිල් වික්‍රමසිංහ තමන්ගේ රාජ්‍ය ඇමතිවරු ගණනාවක් තමන්ගේ තනතුරු වලින් ඉවත්කරනවා. එහෙට පනිනවා. මෙහෙට පනිනවා. ඇමතිකම් දෙනවා අයින් කරනවා. මේක දැන් කැතම කැත සූදුවක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දුර්වල නිසාතමයි මේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙන්නේ නැත්තේ. අපි සහතික වෙනවා අපි දිනුවට පස්සේ කිසිම කලබලයක් ඇතිවෙන්නේ නැහැ. කවුරුත් ඒකට බයවෙන්න එපා.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan