කැමති හා අකැමැති අපේක්ෂකයෝ – 12.5%ක් දෙවැනි මනාපද ?

Date:

මේ වෙද්දී ලංකාවේ ගොඩක් අය තමන් කැමතිම ජනාධිපති අපේක්ෂකයාව තෝරාගෙන අවසන්. ඒ කවුරු වුවත්, මේ ගොඩක් අයට තමන් කැමති අපේක්ෂකයා හැර අනෙක් අපේක්ෂකයින් සම්බන්ධව අප්‍රසාදයක් තිබෙන බවත් පෙනෙන්න තිබෙන දෙයක්.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කාලයක සිටම එක් එක් අපේක්ෂකයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත ගැන විමසනවා. මෙයින් අදහස් වන්නේ ඡන්දය දීමේ අභිප්‍රාය නෙමෙයි. ඒ දෙක දෙකක්. හැබැයි මේ වගේ අවස්ථාවක ඔය දෙක එක කිට්ටුවෙන් යන්න සෑහෙන ඉඩකඩක් තිබෙනවා.

ජනාධිපතිවරණයේදී කෙනෙකුට මනාප තුනක් දක්වා දෙන්න පුළුවන්. පළමු මනාපය හෝ එකම මනාපය දෙන්නේ තමන් වැඩියෙන්ම කැමති අපේක්ෂකයාටනේ. හැබැයි ඒක එහෙම නොවී අඩුවෙන්ම අකැමැති අපේක්ෂකයාට පළමු මනාපය දෙන අයත් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් සියලුම අපේක්ෂයින් තමන් අකැමැති අපේක්ෂයින් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කාට හෝ ඡන්දය දෙනවා.

ඔය විදිහටම අපේක්ෂයින් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට කැමති (හෝ අකැමැත්තක් නැති) අය ඉන්නත් පුළුවන්. නමුත් ඒ සියලු දෙනාටම මනාප දෙන බවක් එයින් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා, එක් එක් අපේක්ෂයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත සහ ඡන්දය දීමේ අභිප්‍රාය කියන්නේ වෙන වෙනම කරුණු දෙකක්.

මේ සමඟ පළ කරන රූප සටහනේ දැකිය හැකි “සමස්ත හිතකරත්වය” කියන එකෙන් අදහස් වෙන්නේ එක් එක් අපේක්ෂකයාට තිබෙන ප්‍රසාදයේ හා අප්‍රසාදයේ සාරාංශයක්. හතර දෙනාටම තියෙන්නේ සෘණ අගයන්. ඒ කියන්නේ මේ කවුරු ගත්තත් කැමති ප්‍රමාණයට වඩා අකැමැති ප්‍රමාණය වැඩියි කියන එක.

අඩුම පිරිසක් අකැමැති අපේක්ෂකයා අනුර. වැඩිම දෙනෙක් අකැමැති නාමල්ට. රනිල් හා සජිත් ඔය අතර ආසන්නව එක මට්ටමේ ඉන්නවා.

මෙම අගයන් ඇසුරෙන් අපට එක් එක් අපේක්ෂකයාට කැමති හා අකැමැති ප්‍රතිශත පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්.

අනුර:

කැමති ප්‍රතිශතය = 39.5%

අකැමැති ප්‍රතිශතය = 100% – 39.5% = 60.5%

වෙනස = 39.5% – 60.5% = (-21%)

සජිත්:

කැමති ප්‍රතිශතය = 34%

අකැමැති ප්‍රතිශතය = 100% – 34% = 66%

වෙනස = 34% – 66% = (-32%)

රනිල්:

කැමති ප්‍රතිශතය = 33.5%

අකැමැති ප්‍රතිශතය = 100% – 33.5% = 66.5%

වෙනස = 33.5% – 66.5% = (-33%)

නාමල්:

කැමති ප්‍රතිශතය = 5.5%

අකැමැති ප්‍රතිශතය = 100% – 5.5% = 94.5%

වෙනස = 94.5% – 5.5% = (-89%)

දැන් අපිට මේ එක් එක් එක් අපේක්ෂකයාට කැමති ප්‍රතිශත දෙස බලන්න පුළුවන්.

අනුර = 39.5%

සජිත් = 34%

රනිල් = 33.5%

නාමල් = 5.5%

එකතුව = 112.5%

එකතුව 100%ට වඩා 12.5%කින් වැඩියි. ඒ කියන්නේ 12.5%ක් එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂයින් ගණනකට කැමැත්ත පෙන්වා තිබෙනවා. පළමු වටයේ ඡන්ද සැලකුවොත් ඔය 12.5% ගොඩවල් හතරෙන් කොයි විදිහකට හෝ අඩු විය යුතුයි. ඒ 12.5% කියන්නේ කාට හෝ ලැබෙන දෙවන මනාපද?

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...