*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

දකුණු ආසියානු රත්තරන්වලින් ඔබ්බට…

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 15, (LNW) කොළඹ :

සිව්වන දකුණු ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය නිමා වී ඇත.ශ්‍රී ලංකාව 2018 දිනූ රන් පදක්කම් ප්‍රමාණය 12 සිට 9 දක්වා පහත වැටී ඇත.එය දිනූ පදක්කම් ගැන සතුටු වෙන තරමටම කණගාටුවට කරුණකි.තාක්ෂණ දෝෂයක් නිසා පමා වූ මේ සටහනෙන් කණගාටුවට වඩා සතුටු විය හැකි සහ ඒ සතුට අනාගතයට ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත.
විශේෂයෙන්ම මෙහිදී අවධානයට ලක් විය යුතු රන් මෙන්ම රිදි පදක්කම් ද ලෝකඩ පදක්කම් ද ඇත.ඒවා නොරිද්දා දිගට කේෂ්ත්‍රෙය් තබා ගැනීම වැදගත්ය.මෙරොන් විජේසිංහ සහ දිනෙත් වීරරත්න මීටර් 100 ඉසව්වේ දක්වන දක්ෂතා ඒ අතරින් ප්‍රබලය.මෙරෝන් රන් සහ දිනෙත් රිදි ලෙස එම ඉසව්වේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට දිනා ගනිද්දී මීටර් 200 රන් පදක්කම සහ ලෝකඩ පදක්කම් දෙකම හිමි වුණේ ද ශ්‍රී ලංකාවටය.ඒ රන් පදක්කම ඉඳුවර විදුෂාන්ට සහ ලෝකඩ පදක්කම කෞෂාන් තමෙල්ට හිමි වෙන අයුරෙන්ය.මේ සිව්දෙනා එක්ව රන් පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නේ මීටර් 100 සහය දිවීමේ තරගයේ රන් පදක්කමත් ලංකාවට හිමි කර දෙමින්ය.


තවමත් අවුරුදු 20 ට තබා 18 වත් සමීප නැති තරුශි අභිෂේකා යළිත් වරක් මෙම ක්‍රීඩා උළෙලේදී තමන්ගේ පැහැබර අනාගතයෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි ජයග්‍රහණ ගැන සිහි කැඳවමින් මීටර් 800 ජය ගත්තේ අනේ ස්ර් අපිව බලාගන්න කියන පණිවිඩය ක්‍රීඩාවේ ප්‍රභූ සමාජය මත අත හරිමින්ය.හටස්ම මීටර් 800 පිරිමි රන් පදක්කම කාන්තා රන් පදක්කම තරුශි දිනා දුන් අයුරෙන් ලංකාවට දිනා දුන්නේ ශවිඳු අවිශ්ක ය.


අවධානය යොමු කළ යුතුම රන් පදක්කමක් දිනා දෙන්නට බාලක උස පැනීමේ දී ලෙසඳු අර්ථවිඳුට හැකියාව ලැබිණ.ගීත් හතුරුසිංහනම් අත්දැකීම් බහුල පුහුණුකරු තමන්ට ලැබුණු පළමු සංචාරයේදී ම ඒ ආකාරයෙන් කටයුතු කරමින්,ලෙසඳු එතරම් උසක් පැන්නවීම ගීත්ගේ ද දක්ෂතාවයකි.එහි දෙවන තැන ද ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූයේ තවත් තෙවසරක් පමණ එම වයස් ඛාණ්ඩයේම රදී සිටිය හැකි තරුෂ මෙණ්ඩිස් වීමත් අවධානයෙන් සළකා බැලිය යුතුය.


මීටර් 110 කඩුලු ඉසව්ව තත්පර 14.06 න් නිමා කර සඳුන් කෝසල එම ඉසව්ව ජය ගැනීමට සමත් විය.එය ද විශිෂ්ඨ ජයකි.එම ඉසව්වම තත්පර 14.27 න් නිමා කර ලෝකඩ පදක්කම දිනා දුන්නේ ද ශ්‍රී ලංකාව නියෝජනය කළ විශ්ව තාරුකය.තුන් පිම්ම ඉසව්වේදී කාවින්ද දිසානායක මීටර් 15.09 ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනා ගනිද්දී මීටර් 14.92 ක දක්ෂතාවයක් දක්වමින් හංසක සංදීප රිදී පදක්කමත් ලංකාවට දිනා දෙන්නට හවුල් විය.


ශ්‍රී ලංකාව දිනූ ඉතිරි රන් පදක්කම දිනා දුන්නේ මීටර් 400 සහය දිවීමේ බාලක කණ්ඩායමය.එයත් ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් රන් පදක්කමක් වන්නේය.වඩා වැදගත් වන්නේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයට සුබ පැතිම නොවේය.ඊ ළඟ පියවර වෙනුවෙන් ඔවුන්ට අවශ්‍යය මාර්ගය සකස් කිරීමය.යටිතල පහසුකම් සංවර්ධනය කර දීමය.අධ්‍යාපනය සහ දියුණු පුහුණුව සඳහා පහසුකම් ඇති බිමතට සේන්දු කිරීමය.එසේ යා හැකි අය ද මේ ක්‍රීඩකයෝ අතර වෙති.ඔවුන්ට ඊට ආශිර්වාද කිරීම සහ සහය දීම වැදගත්ය.එසේම මේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් ත්‍රිවිධ හමුදා අතරේ ගාල් කර ගන්නේ නැතුව තවත් ව්‍යාපාරික කේෂ්ත්‍ර ආවරණය වන පරිදි රැකියා අවස්ථා ද ලබා දීම වැදගත්ය.


පදක්කමක් යනු ජයග්‍රාහී ගමනක නැවතුම නොවිය යුතුය.පදක්කමේ වර්ණයට වඩා ඉසව්වේ ස්වභාවය වැදගත්ය.උදාහරණයකට දකුණු අසියාවේ රන් පදක්කමකට වඩා ඔලිම්පික් ලෝකඩ පදක්කමක් වටින බව ඔබත් මමත් දන්න සරල සත්‍යය වන්නේය.ඒ නිසා ඒ ඉහළ පදක්කම් හමුවන තෙක් මේ පදක්කම් ගමන් කිරීමේ ආධාරක කිරීම බලධාරීන්ගේ උවමනාව මෙන්ම හැකියාව ද විය යුතුය.


තරගාවලියේ සමස්ත ප්‍රතිපලය – https://bit.ly/3B5rorG
තරගයේ පළමු දින සජීවී දසුන් – https://www.youtube.com/watch?v=6VRuaeyIJgE

තරගයේ දෙවැනි දින සජීවී දසුන්- https://www.youtube.com/watch?v=GTUV1OG3wT0

තරගයේ තෙවැනි දින සජීවී දසුන්- https://www.youtube.com/watch?v=GTUV1OG3wT0

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan