හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව තවත් නඩුවක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව , රජයේ නිලධාරීන් කැරළිගැසීමට පෙළඹවීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබෙන අතර, ඉම්රාන් ඛාන්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය ගිණුමක් හරහා කැරැල්ලක් ඇති කිරීමට රජයේ නිලධාරීන් පෙළඹවීමට උත්සාහ කර ඇති බව ඔහුට චෝදනා එල්ලවී ඇති බව පැවසේ.

පෙඩරල් විමර්ශන ඒජන්සියට අදාළ නිලධාරීන් පිරිසක් හිටපු අග්‍රාමාත්‍යවරයා සිරගතකර සිටින සිරකඳවුරේ දී ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව ද සදහන්. රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීම සහ අරාජික කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ මෙම සමාජ මාධ්‍ය ගිණුම භාවිත කර ඇති බවට පාකිස්තාන රජය හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කරයි.

එමෙන්ම අග විනිසුරුවරයාට සහ අනෙකුත් ඉහළ පෙළේ ආයතන ප්‍රධානීන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකිරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවට ද පාකිස්තාන රජය චෝදනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...