නවසීලන්තයට එරෙහිව තරග වඳින්නට එංගලන්තයට ගිය තුනක් නැහැ.

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 16, (LNW) කොළඹ :

නවසීලන්තයට එරෙහිව තරග වඳින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් සංචිතය නම් කිරීමේදී එංගලන්ත සංචාරයට ඇතුළත් කර සිටි ක්‍රීඩකයින් තිදෙනෙකුට අවස්ථාව අහිමි වී ඇත.මේ අතර ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව අඛණ්ඩව කණ්ඩායම නියෝජනය කළ නිශාන් මධුශ්ක ට ද මෙම සංචිතයේ ඉඩ ඇහිරී ඇත.ඊට අමතරව නිසල තාරක සහ කසුන් රාජිත ද නවසීලන්තය සමඟ පැවත්වෙන තරගාවලියේ සංචිතයට ඇතුළත් කර නොමැත.


එංගලන්ත සංචාරයට සහභාගි නොවුණු ඔෂධ ප්‍රනාන්දු පමණක් මෙම සංචිතයට අලුතෙන් ඇතුළත් වී ඇත.16 දෙනෙකුගෙන් යුතු නම් කර තිබෙන සංචිතය පහත දැක්වෙනවා.
ධනංජය ද සිල්වා,දිමුත් කරුණාරත්න,ඔෂධ ප්‍රනාන්දු,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,කමිඳු මෙණ්ඩිස්,කුසල් මෙණ්ඩිස්,රමේෂ් මෙණ්ඩිස්,ප්‍රභාත් ජයසූරිය,අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු,ජෙෆ්රි වැන්ඩර්සේ,මිලාන් රත්නායක සහ ලහිරු කුමාර
ඉහත සංචිතය අතරෙන් ගාල්ල ක්‍රීඩාංගණයේ දී වේග පන්දු යවන්නන් දෙදෙනෙක් පමණක් යොදවා ගෙන ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට තීරණය කරනු ඇත.

අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නායකට එම අවස්ථාව හිමි වීමට ඇති ඉඩ විශාල වන අතර දඟ පන්දු යැවීම සඳහා ප්‍රභාත් ජයසූරියගේ සහයට පන්දුවට ද පහර දිය හැකි රමේෂ් මෙණ්ඩිස් යොදවන්නට තිබෙන ඉඩ විශාලයි.එසේ වුවහොත් සෙසු ක්‍රීඩකයින් ලෙස දිමුත් කරුණාරත්න,ඔෂධ ප්‍රනාන්දු,කමිඳු මෙණ්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,ධනංජය ද සිල්වා සහ කුසල් මෙණ්ඩිස් ක්‍රීඩා කරනු ඇති.ඉතිරි අවස්ථාව ජෙෆ්රි වැන්ඩර්සේ සහ සදීර සමරවික්‍රමගෙන් අයෙකුට හිමි වන්නට ඉඩ ඇති අතර අසනීප තත්ත්වයෙන් සිටින දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ හැකි තරමට සුවපත්ව සිටීනම් ඔහුට එම අවස්ථාව හිමි වන්නට ඉඩ තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...