රුසියානු මිලිටරි හමුදාව මිලියන 1.5 දක්වා ඉහල දැමීමට පුටින්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්‍රමණය කිරීම දියත් කිරීමෙන් පසු තුන්වන වරටත් එහි හමුදා සංඛ්‍යාව 180,000 කින් වැඩි කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති මෙම නියෝගය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර එය පවසන්නේ සන්නද්ධ හමුදාවන්ගේ සමස්ත ප්‍රමාණය මිලියන 2.38 දක්වා වැඩි කිරීමට නියමිත බවයි.

පුටින්ගේ නියෝගය පැමිණෙන්නේ පසුගිය මාසයේ යුක්රේනය රුසියාවේ දකුණු කර්ස්ක් කලාපයේ දේශ සීමා හරහා අකුණු ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුවය, මෙම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියානු භූමියට එල්ල වූ පළමු විදේශීය ආක්‍රමණය ලෙස සැලකෙන අතර පසුගිය සතියේ රුසියාව යුක්‍රේන හමුදා කුර්ස්ක් වෙතින් නෙරපා හැරීමේ උත්සාහයන් වේගවත් කළ අතර ඔවුන් මේ වන විට නැගෙනහිර ඩොන්බාස් කලාපයේ තීරනාත්මක යුක්‍රේන නගරයක් වන පොක්‍රොව්ස්ක් දෙසට ගමන් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතනයේ (IISS) දත්ත වලට අනුව, එවැනි වැඩිවීමක් රුසියාවට එක්සත් ජනපදයට සහ ඉන්දියාවට වඩා ක්‍රියාකාරී සටන් සොල්දාදුවන් සිටින අතර එහි හමුදාව ප්‍රමාණයෙන් චීනයට පමණක් දෙවැනි වනු ඇති බව ප්‍රකාශ කරයි.

2022 වසරේ යුක්රේන ආක්‍රමණය සිදුවන විට රුසියානු හමුදාවේ සෙබලින් ලක්ෂ 300,000 ක් පමණ වූ අතර පසුගිය ජුනි මාසය වන විට එහි සංඛ්‍යාව 700,000 දක්වා ඉහල යන ලදී. කෙසේ නමුත් රුසියාවේ ජනගහනය යුක්රේනයේ ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි වුවද කියෙව්හි හමුදාව තරම් යුධ පිටිය තුළ ඔවුන් දක්ෂ නොවන බවයි සඳහන් වන්නේ,

කෙසේ නමුත් සැබෑ ප්‍රමාණය රාජ්‍ය රහසකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...