ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අවසන් දිනය අද. අවසන් ජන රැලි පැවැත්වෙන ස්ථාන මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් කළ යුතුව තිබේ.

මැතිවරණ නීතියට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වෙනිදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත.

එම කාලසීමාව තුළ කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරත වීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වන අතර මැතිවරණ නීති උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලිසියට පවරා තිබේ.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම අවසන් ජන රැලි අද දිනයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ජන රැලිය ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය ප්‍රදේශයේදීත් සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් ජන රැලිය මරදාන ටවර්හෝල් රඟහල ඉදිරිපිටදීත් අනුර දිසානායක මහතාගේ අවසන් ජන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදීත් පැවැත්වෙනු ඇත.

නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල නගරයේදී පැවැත්වෙනු ඇති අතර දිලිත් ජයවීර මහතාගේ අවසන් ජන රැලිය කොට්ටාව නගරයේදී පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...