අන්තිම ඕවරයේ අන්තිම පන්දුවතෙක් ජයග්‍රහණය අවිනිශ්චිතයි,දේශපාලන ඉරණමේ ගෙවී යන අවසන් හෝරා කිහිපයයි මේ..උදෑසන පුවත් 09/18

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් ” English for all” වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනතාවගේ දුක නිවාලීමේ යුගය 21 වනදායින් පසුව ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වසර 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 30ක් බිහිකිරීමට පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජන හමුවලට ජනතාව බස් රථවලින් රැගෙන ගොස් තම පක්ෂවලට ඉහළ ජන ප්‍රසාදයක් ඇති බව පෙන්වීමට දේශපාලන පක්ෂ ගන්නා උත්සහය ව්‍යාජ එකක් බව සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.

ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරයක් බවට ගාල්ල නගරය පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අදත් එක්වන්න උදෑසන පුවත් සමඟින්….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...