2024 ජනාධිපතිවරණයට සියල්ල සූදානම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණය සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් ද පවසන්නේ තම ප්‍රදේශයන් හි මැතිවරණයට අදාළ සියලු කටයුතු සුදානම් කර ඇති බව වන අතර, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක් වේ.

අනිද්දා (21) දිනයේ ජනතාව දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින අතර ඊට අදාළ සියලු කටයුතු සුදානම්කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ද පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කිසිදු බරපතළ මැතිවරණ නීති උල්ලංඝනයක් මෙතෙක් වාර්තා වී නැති බව දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී කේ ජී ආර් විමලසූරිය මහතා පවසන අතර, මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 13ක ඡන්ද මධ්‍යස්ථාන 890ක් පිහිටුවා ඇති බව මහනුවර තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව එකලොස්ලක්ෂ අනුඑක්දහස් තුන්සිය තිස්නවයක් වන අතර, ගණන් කිරිමේ මධ්‍යස්ථාන 124ක් එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව තේරීම් භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය. එම දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී සදහා 15000ක් යොදවා තිබෙන බවද සඳහන් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහඅටලක්ෂ අසූඑක්දහස් එකසිය විසිනවයක් වන අතර, දිවයිනේ ඡන්දදායකයන් වැඩිම දිස්ත්‍රික්කය ගම්පහ වීම විශේෂත්වයක්. ඡන්ද මධ්‍යස්ථාන 1212ක් සහ ගණන් කිරීමේ පරිශ්‍ර 4ක ශාලා 150ක් පිහිටුවා ඇති බවය දිස්ත්‍රික් ලේකම් නලින්ද ගමගේ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...