නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් විදෙස් නිරීක්ෂකයින් වැඩ අරඹයි!

Date:

කොළඹ LNW:2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ නීරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් මෙරටට පැමිණ සිටින විදෙස් මැතිවරණ කොමිෂන් සභා නියෝජිතයන් සිය කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද (19) කොළඹදී ඔවුන් මාධ්‍ය හමුවක් ද කැඳවමින් පවසා තිබුණේ නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ අපේක්ෂාවෙන් නිරීක්ෂණයට එක්වන බවයි.

හුවාඩ් තවුෆික් මහතාගේ නායකත්වයෙන් එම කණ්ඩායම ක්‍රියාත්මක වෙන අතර විශේෂයෙන් මාධ්‍ය සමබරව ක්‍රියාකරනු ඇතැයි තම කණ්ඩායම අපේක්ෂා කරන බවද හුවාඩ් තවුෆික් මහතා සඳහන් කර ඇත.

ඒ අනුව බංග්ලාදේශ මැතිවරණ කොමිසමේ නියෝජිතයන්,මාලදිවයින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ද එම නිරීක්ෂණ සඳහා එක්ව සිටිනවා.

මේ වන විටත් ජනාධිපතිවරණ ජන්ද විමසීම සඳහා කටයුතු සූදානම් කර තිබෙන අතර ඊට අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් අනියුක්ත කිරීමේ කටයුතුද සිදුවෙමින් තිබෙනවා.

පූර්ව ප්‍රචාරක කටයුතු අවසන්ව ඇති හෙයින් මැතිවරණ නීති අනුව සියලු දෙනා ක්‍රියා කරනු ඇති බවටද මැතිවරණ කොමිසම විශ්වාසය පළකර තිබෙනවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...