නීති විරෝධි සංක්‍රමණ ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

රැකියා සඳහා නියම පිළිවෙලට මිස සංචාරක වීසා මත විදේශ ගත නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කරයි.

තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසා මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට යොමු කිරීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවයි.

මෙලෙස තරුණ ශ්‍රමිකයන් සම්මුඛ පරීක්ෂණවලට සහභාගී කරන මුවාවෙන් ඩුබායි වැනි රටවලට රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සදහා බලහත්කාරයෙන් යොදවයි.

මෙම කඳවුරුවලදී ඔවුන්ට ම්ලේච්ඡ ශාරීරක හා මානසික වදහිංසාවලට විදුලි සැර ඇල්ලීමට පවා මුහුණදීමට සිදුව ඇති බව විමර්ෂණවලින් හෙළවී තිබෙන අතර, බලයලත් ආයතන හරහා ආරක්ෂිත නීත්‍යානුකුල සංක්‍රමණ ක්‍රම අනුගමනය කළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

සැකකටයුතු විදේශ රැකියා ආයතන පිළිබද දැනුම්දෙන ලෙසත් සූරා කෑමේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කරන ලෙසත් අමාත්‍යාංශ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, තොරතුරු ලබාදෙන අයගේ රහස්‍ය භාවය රකින බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...