‘ඊශ්‍රායලය රතු ඉර පැන්නා’ – හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය අඟහරුවාදා හා බදාදා දෙදිනයන්හි පේජර් හා වෝකි ටෝකි සන්නිවේදන උපකරණ පුපුරවා හැරීමත් සමඟ ලෙබනනයේ 37 දෙනෙකු මියගොස් 3000ක් දෙනා තුවාල ලැබීමත් සමඟ ජාතිය අමතමින් හිස්බුල්ලා සටන්කාමි කණ්ඩායමේ නායක හසන් නස්රල්ලා සඳහන් කර තිබුණේ ඊශ්‍රායලය රතු ඉර තරණය කළ බවයි.

ඉතිහාසයේ කිසිදු දවසක මෙවන් ප්‍රහාරයක් හිස්බුල්ල සංවිධානය ලක්නොවූ බව සඳහන් කරමින් ඔහු ඊශ්‍රයලයට සාධාරණ දඬුවමක් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.

ගාසා තීරයේ යුද්ධයෙන් ඇවිලුණු හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර මාස එකොළහක දේශසීමා සටනින් මේවන විට මිනිසුන් සිය ගනනක් මියගොස් දේශසීමා දෙපස දස දහස් ගණනක් අවතැන් කර ඇත. හිස්බුල්ලා හා හමාස් යන සටන්කාමි කණ්ඩායම් දෙකම ඉරානයේ පිටුබලය ලබන අතර ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...