*
Friday, September 20, 2024
spot_img

Latest Posts

2024 ජනාධිපතිවරණය:මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද පෙට්ටි බෙදා හැරීම අවසන්!

කොළඹ LNW:ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

පෙරවරු 10.30 පමණ වන විට ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ ක්‍රියාවලියෙන් 90%ක් නිමවී තිබුණු බව පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලයේ ස්ථාපිත මැතිවරණ මෙහෙයුම් මැදිරියේදී පැවැති මාධ්‍ය හමුවකදී තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේය.

පොල්ගොල්ල සමූපකාර අභ්‍යාස ආයතනය, පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලය සහ පොල්ගොල්ල විද්‍යාපීඨය යන ආයතනවලින් බෙදා හරින ලද ඡන්ද පෙට්ටි මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890ක ඡන්ද විමසීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් රාජකාරී යොදවා ඇති බවත් පෙට්ටි ප්‍රවාහනය වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය ද ඇතුලුව වාහන 700ක පමණ ප්‍රමාණයක් යෙදවීමට පියවර ගත් බවත් ඔහු කීවේය.

සියලුම මධ්‍යස්ථාන නිරීක්ෂණයට අද පස්වරු 02.00 පමණ වන විට පියවර ගන්නා බවද තෙන්නකෝන් මහතා පැවසූ අතර අමතර නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් යෙදවීමට නියමිතයි.

අද පෙරවරු 08.00 පමණ වන විට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වූ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ඡන්ද මධ්‍යස්ථාන වන උඩගලදෙබොක්ක සහ ගලමුදුන යන ස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ද මේ වන විට සිදුවෙමින් පතියි.

වනජීවී කලාපයක් ඔස්සේ පෙට්ටි ප්‍රවාහනය කිරීමට සිදුවන බැවින් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන ජීවී නිලධාරීන් කිහිපදෙනෙකු එම කලාපය තුළ සේවයේ යෙදවීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් ද අදාළ මාධ්‍යස්ථාන වෙත පැමිණි අතර ඔවුන් මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ සාකච්ඡාවකට ද සහභාගී විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan