මහනුවර දිස්ත්‍රික්කයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 

සැප්තැම්බර් 21, මහනුවර (LNW): අද මධ්‍යම රාත්‍රිය පමණ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේ හැකියාව ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පැවසීය.
මේ වන විට තැපැල් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මාන වන උඩගලදෙබොක්ක සහ ගලමුදුන ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ද මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණ ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛාව 11 ලක්ෂ 91 399ක් වන අතර 78%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...