මහනුවර දිස්ත්‍රික්කයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට

0
908

සටහන – නදීක දයා බණ්ඩාර 

සැප්තැම්බර් 21, මහනුවර (LNW): අද මධ්‍යම රාත්‍රිය පමණ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේ හැකියාව ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පැවසීය.
මේ වන විට තැපැල් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මාන වන උඩගලදෙබොක්ක සහ ගලමුදුන ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ද මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණ ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛාව 11 ලක්ෂ 91 399ක් වන අතර 78%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේය.