ලෙබනනය බේරූට් වෙත එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් 37 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 37 මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල් හමුදාව සඳහන් කර තිබුණේ, බේරූට් තදාසන්න ප්‍රදේශයේ හිස්බුල්ලා ප්‍රභූ රඩ්වාන් බලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට එරෙහිව දියත්කරන ලද ඉලක්කගත ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් සටන්කාමින් 16 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සටන්කාමීන් සඳහන් කර තිබුණේ, රඩ්වාන් බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරීන් දෙදෙනෙකු වන ඊබ්‍රාහිම් අකිල් සහ අහමඩ් මහමුද් වහාබි සහ තවත් සාමාජිකයින් 12 දෙනෙකු මියගිය බවත්, ලෙබනනය තීරණාත්මක අවධියකට අවතීර්ණ වී ඇති බවත්, ලෙබනන් භූමිය තවදුරටත් උල්ලංඝනය කිරීම් වැළැක්වීමට සහ ආරක්ෂක තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීමට සෑම දෙයක්ම කළ යුතු බවත්ය.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ 37 දෙනෙකුට මාරු කැඳවමින් 3000 අධික පිරිසකට තුවාල පැමිණවූ ලෙබනනයේ පේජර් සහ වෝකි ටෝකි දහස් ගණනක් පිපිරීමෙන් පසුවය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...