*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

හිටපු අයගේ වැඩ සහ අලුතෙන් හැදෙන්න ඕනි ඉඩ

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 22, (LNW) කොළඹ :

ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව පත් කළ නාමල් රාජපක්ෂ වගේම පසුව ආ රොෂාන් රණසිංහ ද මේ ගෙවෙමින් පවතින ඡන්ද ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝය.දෙදෙනාම ලැජ්ජා සහගත ලෙස පරාජයන්ට භාජනය වෙමින් ඇත.මේ කාරණා සඳහා ඔවුන් නියෝජනය කළ සමස්ත ආණ්ඩු මෙන්ම ඔවුන් ද ක්‍රීඩාව සම්බන්ධයෙන් දැක් වූ මැදිහත්වීම් ප්‍රබල ලෙස බල පෑ බව අපි විශ්වාස කරන්නෙමු.


නාමල් රාජපක්ෂ ජාතික නියෝජනයක් සහිත ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා අමාත්‍ය පුටුවට එද්දී මා ද උද්දාමයට පත් වූ අයෙකි.එහෙත් ඔහු ගැටළු නිර්මාණය කරන්නට පටන් ගත්තේම තමා ජාතික කණ්ඩායම නියෝජනය කළ රගර් පරිපාලනයට හරස් වෙමින්ය.අමාත්‍ය ධූරය දරන අවදිය තුළ ඔහු කළ වැඩ බොහෝමයකම පෙන්වන්නට උත්සාහ කළේ ඔහු ක්‍රීඩා කර ඇති නිසා ඔහුට ක්‍රීඩාව පරිපාලනය සම්බන්ධයෙන් ඉගෙන ගන්නට දෙයක් නැති බවය.එසේම කාලයක සිට රාජපක්ෂවරුනේගේ දොරකඩ වැටෙන,දුක් ගැනවිලි කියන සහ ඔවුන්ව මහා විශ්සිත මිනිසුන් ලෙස විශ්වාස කරන බව පෙන්වන මිනිසුන්ගේ ප්‍රශස්ති ඔහුට අවශ්‍යයව තිබුණු බවක් ද දැණින.


පැවති රගර් පරිපාලනය ස්වාධිනව සිය කාර්යයේ නිරතවීම නාමල්ට නොරිස්සුවේය.ඔහු ලංකාවේ රගර් දේශපාලනයට අත දමන්නට පටන් ගත්තේ එතැන සිටය.වැරදි නිවැරදි කළත් සිය ඉහළ රාජ්‍ය සේවකයෝ නාමල්ගේ සුවච කීකරු ගෝලයෝ වී රගර්වලින් ඉල්ලා සිටි තොරතුරු ලැබුණ ද නොලද සේ සිතා වැඩ කළහ.මේ අතර ශ්‍රී ලංකා රගර් පරිපාලනය පවුම් 50000 ක දඩයකට යටත් කරන තීරණයක් ගත් හිටපු සභාපතිවරයෙකු වූ අසංග සෙනවිරත්න ආසියානු සභාපතිවරයාද මැදිහත් කරගෙන උඩින් පාත් කරන්නට බැලුවත් ඇමති ළඟ කොන්ඩ වතුටු කරන්නට අකමැති නායකත්වයක් ඒ වන විට තිබුණු නිසා එය වැළකී ගියේය.


එහෙත් නාමල්ගේ අපේක්ෂාව පරිදි ඔහුව බේබි වූ,හාමු වූ ස්ර් වූ දෙකට නැමුණු ක්‍රීඩා පාලකයෝ හිඟ නොවූහ.බාප්පා ජනපතිද,අප්පා හිටපු ජනපති සහ අගමැති ද වූ ආණ්ඩුවක කුමාර මානසිකත්වයෙන් වැජඹෙන සිහින පිපාසය පමණක් නොව රාජපක්ෂ ගාය ද වීදී බැස ජනතාව හමාර කළ පසු ක්‍රීඩා ඇමති පුටුවට රොෂාන් රණසිංහ ආවේය.


ඔහුට තිබුණේ ඒ වන විට ඊට වඩා එහා ගිය මානසික අවුලක්ය.ඔහු නැකත් කරුවෙක් කියූ කතාවත එල්ලී අද පත්වන නවවන ජනපති ඔහු වනු ඇති බව විශ්වාස කළේය.ඔහු සියල්ල තමන්ට යටින් තිබිය යුතු බව විශ්වාස කරමින් බලපෑම් කරමින් හැම තැනම අවුල් කර දමන්නට ගත්තේ නැට්ටට ගිණි තැබූ සතාගේ භූමිකාව සිහි ගන්වමින්ය. අවසනායේ රගර් පමණක් නොව ක්‍රිකට්,පාපන්දු ද තහනමට ලක් විය.එසේම අපූරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව ද අන්දවාගෙන පාර්ලිමේන්තුවම කැමති කරවාගෙන තමන් ක්‍රීඩා ගිණුමට සල්ලි දෙන්නැයි ඉල්ලා ක්‍රිකට් ආයතනයට යැවූ ලිපිය සළකා බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විධි විධාන නැති බව දැන්වීමෙන් ඇති වූ කුපිතවීමෙන් පළිගන්නට පාර්ලිමේන්තුවම අන්දවන්නට රොෂාන්ට හැකි විය.අවසානයේ අයිසීසී වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් විය.


ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ආසන්නයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන හෝ නොබලා රොෂාන් රණසිංහ කරේ මං ක්‍රීඩා ඇමති,මම තමයි ක්‍රීඩාවේ අග රජු විදිහෙ රඟපෑමක්ය.ඊටම හරි යන්න රටට නායකයෙක් ලෙස ලෝක කුසලානයක් දිනා දුන් නිසා ක්‍රිකට් තමන්ගේ අණසක යටතේම පැවතිය යුතු බව සිතන අර්ජුන රණතුංග ද රොෂාන්ගේ අග්‍ර පුරෝහිතව ඔහු නලවමින් පිනවමින් රොෂාන් කුමන පිස්සුවක් නැටුවත් කමක් නැහැ තමන්ට ක්‍රිකට් පරිපාලන වරස දෙනවානම් යන න්‍යාෙයන් රැඟුවේය.
අන්තිමට රොෂාන්ට යන්න විය.හරින් ප්‍රනාන්දු බලයට ක්‍රීඩා ඇමති විය.ඔහු තිබුණු දරුණු ගැටළු ලිහා දැම්ම අතර විශේෂයෙන් ඔලිම්පික් සුදුසුකම් අපේක්ෂාවෙන් ලෝකයත් සමඟ තරග කළ යුතු ක්‍රීඩකයන්ට අවස්ථා දීම සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු වෙත පහසුකම් දිසට සහ සොයා බැලීමට වගකීම පැවරීය.ඇත්තටම හරීන්ට ගරු කළ යුතු වන්නේ එසේ නොවන්නට මෙවර පැරිස් ඔලිමිපික් උළෙලට නිලධාරීන් පමණක් විසිට් එකක් ගොස් එන උළෙලක් වන්නට තිබිණ.


එහෙත් ඔහුත් යළි ලැබැඳියාවන් සමඟ සිර විය.ඔහුට සමීප රගර් කේෂ්ත්‍රය වෙනුවෙන් ඔහු වරදක් නොකළත් වැරදි කරපු සහ වරද්දන්නට හදන බොහෝ අය ඔහුගේ මිතුරන් විය.ඒ නිසා 2019 න් පසුව ණය බර අඩු කරමින්,පයෙන් අදිද්දිත් රිස්ලි ඉල්ලියාස් ඉස්සරහට තල්ලු කරගෙන ආ රගර් ගැටළු ජාත්‍යන්තරයද හවුල් කරගෙන මේ රටේ සීමිත පිරිසකගේ බූදලයක් බවට පත් කර ගන්න ගත්ත උත්සාහය මල් පැල ගැන්වීම නීතිය විසින් නවතා ඇත.ඒ නීතිමය කාරණා ද පදනම් කරගෙන නව ආණ්ඩුවට සහ එහි ක්‍රීඩා අමාත්‍යවරයාට රටේ ක්‍රීඩා ප්‍රතිපත්තියෙන් බැහැරව වැඩ කරන්නට සිය රටේ කුමන හෝ ක්‍රීඩිකාවකට ජාත්‍යන්තර වශයෙන් වූ සංවිධානය වූ හැඩයකින් බලපෑම් එන්නේනම් පෙනී සිටීම කරන්නට වනු ඇත.


එසේම ක්‍රිකට් වැනි විෂයක දී ඇති කරන ලද සමාජ කලබලයෙන් තවමත් ක්‍රිකට් ලෝලීන් මිදී නැත.මේ මොහොත වන විට ලංකාවේ ක්‍රිකට් හැටියට පෙනෙන එහි විකාශය තව දුරටත් පුළුල් කිරීම වැනි කාරණා ගැන සාකච්ඡාවට ගත යුතු වන්නේය.එසේම ක්‍රිකට්වලට ක්‍රිකට්වල ගැටළුවලට වඩා දේශපාලන ගැටළු බලාපාන්නේය.උදහරණයකට රටම දන්න බට්ටිනම් සුරතල් ක්‍රීඩිකාව ඉගෙනුම ලබන පාසලට හොඳ ක්‍රීඩා පිටියක් සකස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෝ යම් සහයෝගයක් ගත නොහැකි බව එහි ගම්වැසියෝම පවසති.හේතුව එම පාසලට අයත් ඉඩ දේශපාලකයෝ අත්පත් කරගෙන සිටීමය.රත්නපුර මුද්දුව ක්‍රීඩා පිටියටද එවැනිම ගැටළුවක් ඇති බව අප අසා ඇත්තෙමු.ඒ බොහෝ පිරිසක් නොවේ එක් දේශපාලකයෙක් මුද්දුව ක්‍රීඩා පිටියෙන් කොටසක් පැහැරගෙන සිටින බැවින්ය.


වඩාත් වැදගත් මේ හිටපු ඇමතිවරුන්ගෙන් සිඳු වූ ලැබැදියාවන් පදනම් කරගෙන වැඩ කිරීම නැවතිය හැකි යාන්ත්‍රණයක් සැකසීමය.විද්‍යාත්මක පසුබිමක් සකස් කිරීමය.එසේම රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන්ට ක්‍රීඩාවන් පවරා බලා ගැනීමට අවශ්‍යය පසුබිම සඳහා දිරී දීම ද වැදගත් ය.එසේම හොඳ පෞරුෂයක් ඇති සෘජුව කොන්ද තබාගෙන හැසිරෙන්නට හැකි වෘත්තිමය තත්ත්වයක් පෞද්ගලික අංශ ඔස්සේ අලුතින් එන ක්‍රීඩකයන්ට ලබා දීම සඳමා වැඩ සැළසුම් කල්පනා කිරීමද වැදගත්ය.


සමහර ක්‍රීඩා පරිපාලනවලින් වයස කියන සාධකය මුල් කරගෙන පුද්ගලයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට ක්‍රියාකාරීව වැඩ කළ හැකි ද යන්න වෛද්‍ය විද්‍යාත්මකව කරුණු සැලකිල්ලට ගෙන තීරණයක් ගත යුතු වන්නේය.සමහර අත් නොහැරිය හැකි මොළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අහිමි කරමින් ඒ වෙනුවට හිස් ඔළු ඉඳගෙන සිටින තැන් ද මේ වයස් සීමාවේ ගැටළුව නිසා දකින්නට ඇත.එසේම රටේ ක්‍රීඩාවට ආදරය කරන හොඳින් පාලනය කරන කෙනෙක්ට අවසර දීමේ අවස්ථාවක් පාර්ලිමේන්තුව ලබා ගත යුතුය.ක්‍රීඩා උපදේශක සභාව ලෙස ඇමතිට හිතෙන පිරිසක් නම් කර ගැනීම පසෙකලා එය විවිධ පක්ෂ නියෝජනය වන ආකාරයට ව්‍යවස්ථාදායක සභාව තීරණය කරන ආකාරයට කෝප් කමිටු හැඩයේ කමිටුවක් ක්‍රීඩාවට පත්ව ආ යුතුය.


පාර්ලිමේන්තුවේ එවැනි අවධානයක් යොමු නොවන තත්ත්වයක ක්‍රීඩාව පවතින බැවින් එය රටට කෙතරම් වැදගත් ද යන්න ද එළියට එන්නේ නැත.එසේම මේ වන විට රගර් ව්‍යවස්ථාවේ ප්‍රාෙද්ශිය මට්ටමට විහිදී ඇති බලය ක්‍රීඩා සමාජ කිහිපයකට උඳුරා ගැනීමේ වැඩ සටහනක් ජාත්‍යන්තරයට ද මුක්කු ගසමින් ක්‍රියාත්මක වෙමින් ඇත.එහෙත් සැබවින්ම සිඳු විය යුත්තේ දේශිය ක්‍රීඩාව බල ගන්වන ව්‍යාපෘති ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් ගමට බලය යන පරිදි සකස්වීමය.තව දුරටත් ගමට ක්‍රීඩාව ව්‍යාපත් කිරීම සඳහා ප්‍රදේශයේ පවතින ක්‍රීඩා සමාජවල බහුතරය හිමි පිරිස් ජාතික තලයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම ජාතික ක්‍රීඩා ව්‍යවස්තා සැළසුමක් ලෙස සකස් කර හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම වැදගත්ය.


මේ සියලු දේ වන අපක්ෂපාතී වටිනාකම තේරුම් ගන්නට ගෙවුණු ක්‍රීඩා ඇමතිවරු තිදෙනාගේ පාලනය අධ්‍යයනය කළොත් විස්තර කිරීමකින් තොරව පහසුවෙන් තෝරා ගන්නට හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan