දෙවෙනි මනාපය ගණන් කිරීම ගැන නිල වශයෙන් දැනුම් දෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කරයි.

අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ,මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා මේ බව පැවසීය. ඒ අනුව ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භවී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා,

“මැතිවරණ කොට්ඨාසවල දෙන ලද වලංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු ලබා නොමැති බැවින් ඉතාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරගයෙන් ඉවත්කළ බව නිවේදනය කරමු.”

“එසේ තරගයෙන් ඉවත්කරනු ලැබූ අනෙක් අපෙක්ෂකයන්ගේ දෙවැනි හා තුන්වැනි මනාපය තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇත්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව මැතිවරණ කොට්ඨාස භාර තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම්දී ඇති බව නිවේදනය කරමු.” 

“ගණන්කිරීමේ ශාලාවලින් මනාප ගණන්කර එහි ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන්වෙත දැනුම්දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.”

“ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාසයේ සියලුම ගණන්කිරීමේ ශාලාවලින් තරගයේ සිටින අපේක්ෂයන්ගේ වාසියට ලබාදී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.”

“මැතිවරණ කොට්ඨාසවලින් ලැබෙන ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කරනු ඇත. ඉන් අනතුරව මැතිවරණ කොට්ඨාස 22හිම තරගයේ සිටින අපේක්ෂකයින් දෙදෙනාගේ වාසියට ලබාදී ඇති මනාප එකතු කරනු ලබනවා.” ලෙස හෙතෙම පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...