දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (22) සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් ඔහු දැනුම් දී ඇත්තේ නව ජනාධිපතිවරයකු පත්වීම හේතුවෙන් තමන් මෙම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.