*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ASP ලියනගේට දැන්වත් සාධාරණය ඉටු කරනු !

2024 ජනාධිපතිවරණයේදී අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙලා ඉන්නේ ASP ලියනගේ. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1860 යි.

ASP ලියනගේ කියන්නේ ප්‍රතිඵලය මොකක් වුණත් දිගටම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන පුද්ගලයෙක්. අන්න ඒ ධෛර්යයට කවුරුවුණත් ගරු කරන්න ඕනෑ.

කොහොමවුණත් මේ කතාව ඒ ගැන නෙවෙයි. ASP ලියනගේට දිගින් දිගටම සිද්ධ වෙන අසාධාරණය ගැන.

දැන් දශක ගණනාවක් තිස්සේම (උපන් දා සිට) ඔහු ASP ලියනගේ ම තමයි. කවදාවත් ඔහුට උසස්වීමක් ලැබිලා නෑ. ඔහු ASP ලියනගේ හැටියට ඉඳලා තියෙන කාලය සලකලා බැලුවාම හරි නම් ඔහු IGP ලියනගේ බවටවත් පත්වෙන්න ඕනෑ මේ වෙද්දී.

නමුත් ඔහු දිගින් දිගටම ඡන්දය ඉල්ලන නිසාද කොහෙදෝ ඔහුට මේ තාක් කල් SP ලියනගේ බවටවත් පත්වෙන්න බැරිවෙලා තියෙනවා. මේක දේශපාලන පළිගැනීමක් ද දන්නෙත් නෑ …

ඒ හින්දා අලුත් ජනාධිවරයාගේ පාලනය සමයේදීවත් ASP ලියනගේව අවම වශයෙන් SP ලියනගේ හැටියටවත් උසස් කළ යුතුයි කියලා අපි හිතනවා.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan