*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

පරාජයෙන් පසු සීයට තුන ගැන නාමල් රාජපක්ෂ කියන කතාව

සටහන – රුවන් නෙළුගොල්ල

වඩා වැදගත් වන්නේ පරාජයේ ප්‍රමාණය නොව නැවතත් නැඟී සිටිමේ ප්‍රමාණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මම නියෝජනය කළේ මේ රටේ ජාතික කඳවුරේ මතවාදය. ඒ මතවාදය ආරක්ෂා කරන්න මම පෙනී හිටියා. මම අදටත් සතුටු වෙනවා, ආඩම්බර වෙනවා සහ ඉදිරියේදීත් මම ඒ මතවාදය ආරක්ෂා කරනවා. ඒ වගේම ජනතාව තීන්දුවක් අරගෙන තියෙනවා, ඒ තීන්දුවට අපි හිස නවනවා. ඒ වගේම අපි සුබ පතනවා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත් එතුමා පිහිටුවන ආණ්ඩුවටත් එතුමන්ලා ලබාදුන්නු ඒ පොරොන්දු ඉෂ්ට කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක තමයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව. හොඳ ඕනෑම දෙයකට, අපේ ප්‍රතිපත්ති එක්ක ගැලපෙන, රටට ගැලපෙන ඕනෑම දෙයකට අපි සහයෝගය ලබාදෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් අපේ මැතිවරණ ව්‍යාපාරය තුළත් අපි සමාලෝචනයක් කරන්න ඕනෙ මොකක්ද වුණේ කොතනද අපට වැරදුණේ කියන එක”

ප්‍රශ්නය – මෙවැනි පරාජයක් බලාපොරොත්තු වුණාද ? මෙවැනි දරුණු පරාජයක් ?

“මං හිතන්නෙ දරුණුද නැද්ද කියන කාරණය අදාළ වෙන්නෙ නෑ. මොකද ජයග්‍රාහකයෝ එක්කෙනායිනෙ ඉන්නෙ. ඉතින් පරාජය වෙන අය පරාජය වෙලා තියෙන්නෙ. හැබැයි වැදගත් කාරණය තමයි අපි මේකෙන් උගත යුතු පාඩම. අනිත් පැත්තෙන් 3% ජයග්‍රහණය කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ හින්දා පරාජයේ ප්‍රමාණයට වඩා අපි නැගිටින ප්‍රමාණය තමයි වැදගත්. ඒ හින්දා ලැබිච්ච ඡන්ද ප්‍රමාණය මම පරාජයක් විදියට දකින්නෙ නෑ. ඒක ජනතා මතයක්”

ප්‍රශ්නය – ජනතාව ලොකු පණිවිඩයක් දීලා තියෙනවා නේද මේ පවුල් දේශපාලනය එපා කියන කතාව, ඔබතුමාට ඒක දැන් තේරෙනවාද ?

“මං හිතන්නෙ ජනතාව පණිවිඩයක් දීලා තියෙනවා මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් එහාට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඒක සියලු දෙනාටම බලපාන කාරණයක්. ඒ පණිවිඩය අපි ගත යුතුයි. ඒ වගේම තමයි එතැනදී රටේ ජනතාවගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් අපි අවධානය යොමුකරන්න ඕනෙ, ඒ වගේම ප්‍රායෝගිකත්වය පිළිබඳව. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න තාම කල් මදි”

ප්‍රශ්නය – දැන් මහින්ද මහත්තයා මොන වගේ මතයකද මේ වෙලාවේ ඉන්නෙ ?

“එතුමා පැහැදිලිවම සතුටු වෙනවා අපි අභියෝගයක් භාර අරගෙන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටියා කියන එකට. මොකද අපිට තීන්දු දෙකක් ගන්න පුළුවන් නෙ. එකක් අපි රැල්ලට ගිහිල්ලා දිනන පැත්තට ගිහිල්ලා හැමදාම පිල් මාරුකරගෙන මතවාද වෙනස් කරගෙන ඉන්නවාද, එහෙම නැත්නම් අපි විශ්වාස කරන කාරණය ආරක්ෂා කරගෙන ඒ ප්‍රතිපත්තිවලට සටන් කරනවාද කියන එක. මගේ දේශපාලනය අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන එක මිසක් හැම ආණ්ඩුවකම මම ඇමතිකමක් ගන්න, අගමැති වෙන්න ජනාධිපති වෙන්න සූදානම් බලය දෙනවා නම් මේ රට බෙදලා විකුණලා ඕනෙ එකක් කරලා බලය බලාගන්න ලෑස්තියි, එහෙම නැත්නම් බලය ලබාගැනීම වෙනුවෙන් මම අඳින ඇඳුම පවා වෙනස් කරන්න ලෑස්තියි කියන තැනක මම නෑ. මට විශ්වාසයි නොබෝ දිනකින් ජනතාව අපේ ප්‍රතිපත්ති අනුමත කරන තැනකට එනවා”

ප්‍රශ්නය – වර්තමාන ජනාධිපතිවරයාට මේ රට ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් ඔබතුමාට තියෙනවාද ?

“එතුමා පත්වුණා විතරයිනෙ, අපි ඉතින් සාධාරණ කාලයක් දෙමු”

ප්‍රශ්නය – දැන් රනිල් මහත්තයාගෙ දෑත් ශක්තිමත් කරන්න ගිය අය යළිත් පොහොට්ටුවට ගන්නවාද ?

“මං හිතන්නෙ ඒ අයගෙන් අහන්න ඕනෙ ඒ තීන්දු පිළිබඳව. අපි පැහැදිලිවම මැතිවරණයට සූදානම් වෙනවා අපි බිම්මට්ටමෙන් සහ අපේ ශාඛා සමිති එක්ක. ඒ වගේම සියලු පාර්ශ්වයන් මැතිවරණයට එක් කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා, විශේෂයෙන්ම එක මතයක ඉන්න අය. ඉතින් මම ආරාධනා කරනවා නැවත වතාවක් අපේ මතයේ, අපේ කඳවුරේ ඉඳලා රනිල් මහත්තයා ගාවට ගියපු පමණක් නෙවෙයි අපේ මතයේ, ජාතිකවාදී කඳවුරේ ඉන්න සියලු දෙනාටම, අපි එක්ක එකතු වෙමු. අපි එක අරමුණකට යමු”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan