ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 492 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(23) දිනයේදී ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් දියත් කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ළමුන් 35ක් කාන්තාවන් 58ක් ඇතුළුව 492 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක 1300ක් වෙත රොකට් ප්‍රහාර 200කට අධික ප්‍රමානයක් දියත් කර ඇති අතර දකුණු ලෙබනනයේ Sidon, Marjayoun, Nabatieh, Bint Jbeil, Tyre, Jezzine සහ Zahrani යන දිස්ත්‍රික්කවල මෙන්ම නැගෙනහිර Bekaa නිම්නයේ Zahle, Baalbek සහ Hermel දිස්ත්‍රික්කවල නගර, ගම් සහ විවෘත ප්‍රදේශ දුසිම් ගනනක් දවස පුරා ඉලක්ක කරන ලදී.

මේ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ, මෙය වසර 20කට ආසන්න කාලයක් තුළ එහි පැවති මාරාන්තිකම දිනය බවයි.

මේ වන විට ඊශ්‍රායලය ලෙබනනයේ සියලුම සන්නිවේදන ජාල වල පාලනය සියතට ගෙන ඇති අතර ඊයේ දියනයේ ඊශ්‍රායල හමුදා නිලධාරීන් දකුණු ලෙබනනයේ සහ බේරූට්හි සමහර ප්‍රදේශවල පදිංචිකරුවන්ට ගම් සහ අසල්වැසි ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබිණි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් උග්‍රවන තත්වය ගැන අනතුරු ඇඟවූ අතර ලෙබනනය තවත් ගාසා තිරයක් නොවිය යුතු බවට ප්‍රකාශ කර තිබු අතර ලෝක බලවතුන් සංයමයෙන් සිටින ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබේ.

හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ තමන් හමාස් සංවිධානයට සහය පළ කරමින් ක්‍රියා කරන බවත් ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වන තුරු එය නතර නොකරන බවත්ය. මෙම කණ්ඩායම් දෙකටම ඉරානයේ සහාය දක්වන අතර ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස තහනම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...