අනේ ජනාධිපතිතුමනි, සියල්ලට පෙර හිටපු ඇමතිලාගේ ප්‍රභූ ආරක්ෂාව අයින් කරන්න !

Date:

දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය ඉබේම විසිර ගියේය. ඒ අනුව හිටපු ඇමතිවරුන් සියලු දෙනාම මේ වනවිට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්ව සිටිය යුතුය.

එහෙත් පාරට බැස බැලූ විට නම් එවැන්නක් පෙනෙන්නට නැත. හිටපු ඇමතිලා තවමත් ප්‍රභූ ආරක්ෂක රථ පිරිවරාගෙන අගනගරේ මහපාරේ ඉගිළෙති. එවන් එක් හිටපු ඇමතිවරයකුගේ ප්‍රභූ ආරක්ෂක රථ ඇතුළු වාහන පහක පෙරහැරක් අද දවසේදීත් දක්නට ලැබිණි.

අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයෙන් ජන වරම ලැබුණේ මෙකී ප්‍රභූ දේශපාලනය ජනතාවට තිත්ත වී තිබුණු නිසා ය. ජනතාවට වෙනසක් අවශ්‍ය වුණු නිසා ය. එහෙත් එතුමාගේ පාලන සමයේදීත් හිටපු ඇමතිලා සුපුරුදු රංගනය ඉදිරිපත් කරයි නම් එය පැහැදිලිවම ප්‍රශ්නයකි.

ඒ නිසා කරුණාකර මුලින්ම මේ හිටපු ඇමතිලාගේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළපාලි ඉවත් කරන්න. එසේ නොවුණහොත් ජනතාවට නිතැතින්ම සිහියට එනු ඇත්තේ රංජන් රාමනායකගේ “උන් ඔක්කොම යාළුවො මල්ලි” යන සුප්‍රසිද්ධ කතාවයි ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...