පහුගිය කාලේ හිත රිදෙන දෙයක් කියවුණා නම් සමාවෙන්න – SJB සූජීව

Date:

කොළඹ LNW: පසුගිය මැතිවරණ සමයේ කියපු දේවල් වලින් හිත් රිදවීමක් වුවා නම් ඒ සම්බන්ධයෙන් සමාව භජනය කරන බව සමඟි ජන බලවේගයේ සූජීව සේනසිංහ මහතා පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් අනුර කුමාර දිසානායක මහතාව තෝරාගෙන ඇති හෙයින් ඔහුට සහ අදාළ ආයතනවලට සහය දීමටද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ශක්තිමත්ව ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුව ලබා ගැනීමට ක්‍රියාකරන බවද ඔහු පැවසුවේය.

”මේක තරහින් දුන්න ජන්දයක් මිස හොඳට හිතල බලල දුන්න ජන්දයක් නෙවෙයි. මස දෙක තුනක් යද්දී විශාල කර්තව්‍යක් තියෙනවා එතුමාට ඉටුකරන්න. දෙසැම්බර් මාසෙට සල්ලිටික හොයාගන්නේ කොහොමද? දුන්න පොරොන්දු ටික ඉටුකරන්නේ කොහොමද? ලේසි නෑ. විපක්ෂයක් ලෙස අප ජනතාවට කියූ කාරණය ලෙස ඔවුන් මේ ආණ්ඩුව අරගෙන ජනතාව සුරක්ෂා කරන්න පුළුවන් වෙයිද කියන කාරණය යොමුකරන්න වෙනවා.” යනුවෙන් සේනසිංහ මහතා සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...