රනිල් කියන දේ හරි ඒත් දැන් එතුමා විශ්‍රාම ගන්න ඕනේ – වලේබොඩ

කොළඹ LNW:නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා විපක්ෂයේ සිටින සියලු දෙනා එකතු විය යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය දේශපාලන තලයට නිවැරදි වුවත් තවදුරටත් ඔහු එයට අත නොගසා විශ්‍රාම ගත යුතු බව මේ වන විට සර්ව ජන බලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

එම කටයුත්ත අලුත් පරම්පාරාවේ දේශපාලඥයින්ට,නායකයින්ට කර ගැනීමට වික්‍රමසිංහ මහතා ඉඩ දිය යුතු බවටයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”රජයක් පිහිටුවා ගන්න එකතු විය යුතු වුවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ මට්ටමේ ඉන්න අති විශාල කණ්ඩායමක් ඉන්නවා ඒ අය මේ කටයුත්ත අලුත් පරම්පරාවේ දේශපාලඥයින්ට, නායකයින්ට භාර දීල දැන් විශ්‍රාම ගත යුතුයි. ඔහු කරන ප්‍රකාශය වලංගුයි දේශපාලන තලයට. හැබැයි කරන්න වෙන්නේ ඔහු නැතුව. ඔහු සමඟ හදන දේශපාලන සන්ධානය මේ රටේ මිනිස්සු කොච්චර දුරකට පිළිගනිද කියන කරණය පිළිබඳව අපිට තක්සේරුවක් තිබෙනවා පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල අනුව. ඒ නිසා තවදුරටත් මේක අවුල් නොකර එතුමාට කරන්න තියෙන හොඳම දේ තමයි එතුමා විශ්‍රාම සුවයෙන් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගෙදරට වෙලා හිටිය වගේ මෙතුමාත් ගෙදරට වෙලා ඉන්න එක. මේක කරන්න යන අයට ගැටළුවක් තිබුණොත් ඇවිත් එතුමාගෙන් උපදෙස් ගනීවි. ඒක තමයි එතුමාට කියන්න තියෙන්නේ.” යනුවෙන් වලේබොඩ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...