විශ්වාසභංගයෙන් පරාජය වූ ඉම්රාන් ඛාන් පකිස්තාන අගමැති ධූරයෙන් ඉවතට

Date:

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව පැවති විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමග බලයෙන් පහකර තිබේ.

ආසන 342 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරය අභිබවා යමින් ඡන්ද 174 ක් ලබාගැනීමට විපක්ෂ කණ්ඩායම් සමත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සඳහා පකිස්ථාන පාර්ලිමේන්තුව හෙට දිනයේදී යළි රැස්වීමට නියමිතය.

රට තුළ ආර්ථික අර්බුද ඇතුලු කරුණු රැසකට ඉම්රාන් ඛාන් වග කිව යුතු බව දක්වමිනුයි පකිස්ථාන විපක්ෂය විසින් මෙම විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබීය. පසුගිය ඉරිදා දිනයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වුවද පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය ඉවත දැමුණු අතර අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් කල ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපතිවරයාද කටයුතු කර තිබු​ණි.

කෙසේවෙතත් විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම තීරණය අභියෝගයට ලක් කරන්නට වූ අතර එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ විශ්වාසභංගය අත්හිටුවීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැණි බවටයි. ඒ අනුව නැවතත් පාර්ලිමේන්තුව රැස්වී අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය දන්වා තිබුණි.

හෙට දිනයේදී තෝරා ගන්නා නව අගමැතිවරයාට ලබන වසරේ ඔක්තෝබර් මාසය දක්වා බලයේ රැඳී සිටිය හැකියි. අනතුරුව මහ මැතිවරණයෙන් නව රජයක් පත්විමට නියමිතයි.

මෙසේ විශ්වාසභංගය යෝජනාවකින් බලයෙන් පහ කරන ලද පළමු පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා බවට ඉම්රාන් ඛාන් පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...