මුලින්ම ශක්තිමත් විපක්ෂ සන්ධානයක් හැදෙනවා නම් හොදයි. අගමැති අපේක්ෂක පස්සේ තීරණය කරන්න පුළුවන් – හරීන්

කොළඹ LNW:අඩුම ගානේ පාර්ලිමේන්තුව තුළ හෝ ශක්තිමත් විපක්ෂ සන්ධානයක් හැදෙනවා නම් එය හොඳ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

රටට හොඳ දේ විය යුතු අතර පාර්ලිමේන්තුව හෝ ශක්තිමත් විය යුතු බවයි ඔහු සදහන් කළේ.

අනතුරුව අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කළ හැකි බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) එජාප ඉදිර පෙළ කණ්ඩායමක් විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තමන් පාර්ලිමේන්තුවේ කතා කිරීමට පෙර 2021දී ප්‍රකාශ කළ බව එහිදී හිටපු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරන ලදී.

සමඟි ජන බලවේගය තුළ තවදුරටත් සිටියා නම් හොඳ නැද්ද යනුවෙන් සිතෙන්නේ නැද්දැයි එහිදී මාධ්‍යවේදියෙකු අතුකෝරල මහත්මියගෙන් විමසා සිටි අතර ඇය ඉතා සැහැල්ලු ලෙස සිනහවෙමින් පැවසුවේ නැහැ යන්නයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...