නවසීලන්තය දෙවන වරටත් ශ්‍රී ලංකාවට පරදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 26, (LNW) කොළඹ :

ඕස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවත්වෙන තුන් කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්තයට එරෙහි දෙවන ජයත් වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110 ක් රැස් කරන්නට සමත් වුණා.එහිදී නායිකා මනුදි නානායක්කාර පන්දු 35 දි ලකුණු 41 ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ඉහළම දායකත්වය ලබා දුන්නා.
පිළිතුරු ඉණිම සඳහා පිවිසි නවසීලන්තයට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණියට හිස ඔසවන්නට ඉඩ ලබා දුන්නේම නැහැ.විශේෂයෙන් චමෝදි ප්‍රබෝධා ලකුණු 12 ට කඩුලු 2 ක් දවා ගනිමින් සහ ප්‍රමෝදි මෙත්සරා ලකුණු 15 ට කඩුලු 2 දවා ගනිමින් කැපී පෙනුණා.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.https://www.cricket.com.au/matches/CA:21389/new-zealand-development-women-sri-lanka-u19-women-u19-t20-tri-series-2024-women?tab=scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...