ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුගේ හෙළිදරව්ව !

Date:

පාර රාජ්‍යය භීෂණය තවම ක්‍රියාත්මකයි පිටුපස බුද්ධි අංශ සාමාජිකයින් – ජනපති අනුර ඇතුළු පිරිසගේ ජීවිත අනතුරක..

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පාර රාජ්‍යයක් පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය කරුණු හෙළිකර තිබෙනවා.

එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක දේශපාලන සන්නද්ධ කණ්ඩායම් බුද්ධි අංශ සහය පවා ලබා ගනිමින් තම දේශපාලන කඳවුරු වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවට පැහැදිලි සාක්ෂි ඇති බවද ඔහු සඳහන් කර තිබෙන්නේ ඔහු විසින් රචිත “පාස්කු ප්ඉරිදා ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්” නම් කෘතිය පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මෙම පාර රාජ්‍යය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිලන්ත ජයවර්ධන එහි සාමාජිකයෙකු ලෙස තමා විශ්වාස කරන බවද සුනන්ද දේශප්‍රිය මෙම සංවාදයේදී සඳහන් කර තිබීම විශේෂත්වක්.

එම කණ්ඩායම අදට ද සක්‍රීයව කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර ඇතුළු පිරිස බරපතල ජීවිත අවදානමකට ලක්වන අයුරු ද ඔහු මෙහිදී පැහැදිලි කර තිබෙන්නේ තවත් වැදගත් කරුණු රැසක් හෙළිකරමින්.

සුනන්ද දේශප්‍රිය මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් මෙරටින් පිටව ගිය මාධ්‍යවේදීන් අතුරින් කෙනෙක්.

සම්පුර්ණ වැඩසටහන පහළින්..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක්...

අස්ථි බිඳීම් සුව කිරීමට මිනිත්තු තුනක්? චීනයේ අද්භූත ‘Bone-02’ අලේපනය

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 30, ලෝකය (LNW): චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්...

කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට...

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...