රජයේ වාහන රැසක් අතුරුදහන් – ජාතික විගණන කාර්යාලය විමර්ශන අරඹයි!

Date:

කොළඹ LNW:රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කර තිබේ.

ඒ අනුව වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබදව විශේෂ විගනණයක් ආරම්භ කර තිබෙන බවයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.

මෙම විශේෂ විගණනය සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි සිදුවන්නක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ජාතික විගණන කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇති පරිදි සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අස්ථානගතවී ඇති අතර ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් අස්ථානගත වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන බව සඳහන්.

වාර්තා එන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් හෝ අස්ථානගතවී ඇති අතර ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් බවයි දැක්වෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45ක් ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ ජනාධිපති උපදේශකයින් ඇතුළු පිරිස් භාවිතා කරන ලද රජයේ වාහන රැසක් පසුගිය දිනවල ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ගෙනවිත් දමා තිබුණි.

මෙලෙස රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විගණනයෙන් පසු රජයේ වාහන අවභාවිතාව, අතුරුදහන් වීම ඇතුළු සියලු තොරතුරු අනාවරණය වනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...