උත්සව නැති ආරම්භයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

කිසිදු උත්සවයකින් තොරව, ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.

කොළඹ,  මාතලේ,  බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන 5 ක් මෙලෙස කිසිදු උත්සවයක් පැවැත්විමකින් තොරව ජනතා අයිතියට පැවරිමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදි ඇති අතර, මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදි වැඩ නිම කර තිබෙන බව සඳහන් වේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය මෙම උපදෙස් ලබාදි ඇත්තේ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග පැවති සාකච්ජාවකදියි.

එම ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ට කොළඹ හා මාතලේ ඉදිකරන ලද ඔලිම්පික් මට්ටමේ හොකී ක්‍රිඩංගන දෙකක්,  බිංගිරිය වයඹ ක්‍රිඩා සංකිර්ණයේ පිහිනුම් තටාකය,  ඕමන්තේ වව්නියා දිස්ත්‍රික් ක්‍රිඩා සංකිර්ණයේ පිහිනුම් තටාකය හා ඕමන්තයේ වව්නියා දිස්ත්‍රික් ක්‍රිඩා සංකිර්ණයේ බහු ක්‍රිඩා ගෘහස්ත ක්‍රිඩාංගනය ඊට ඇතුළත්වේ.

දිවයින පුරා සිටින පාසල් සිසුන් හා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා කඩිනමින් මෙම ක්‍රිඩා මධ්‍යස්ථානයන්හි පහසුකම් භුක්ති විදිමට අවස්ථාව ලබාදෙන බව ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදි සදහන් කර තිබෙන අතර, රජය විසින් ඊට ආයෝජනය කර ඇති සැලකිය යුතු රාජ්‍ය අරමුදල් හදුනාගනිමින් මෙම පහසුකම් ඉහළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට සහ අනාගත පරපුරට ඒවා සුරක්ෂිත කිරිමට සහය වන ලෙස එම දෙපාර්තමේන්තුව ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...