චීන නවීකරණ‍යෙන් ලොවට නව අවස්ථා උදා වන බවට චීන විදේශ ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:චීන නවීකරණය තුළින් ලොවට නව අවස්ථා ගෙන එන බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසනවා.

එක්සත් ජාතීන‍්ගේ මහ මණ්ඩලයේ 79 වන සැසිවාරය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළා.

එමෙන්ම න්‍යෂ්ටික අවි සහිත රටවල් 5 අතරින් පළමුව න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට ප්‍රතිඥා දී ඇත්තේ ද චීනය පමණක් බව ද, සාමය ගොඩනැංවීමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවද චීන විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ඉහළ මට්ටමේ විවෘතභාවය, වීසා රහිත ප්‍ර‍වේශය පුළුල් කිරීම, ඉහළ ගුණාත්මකභාවයෙන් එක් තීරයක් එක් මාවතක් සංවර්ධනය, 2030 තිරසර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීමට ශක්තිමත් පියවර ගැනීම,ගෝලීය දකුණු සහයෝගීත්වය වේගවත් කිරීම මෙන්ම ආසියාවේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ පියවර ඊට අදාළ බව චීන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළා.

ශිෂ්ටාචාර අතර සංවාදය වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙසට චීනය යෝජනා කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...