කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.
ඒ, අද (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
නීත්‍යානුකූල නොවන අයුරින් මන්ත්‍රී ධූරයක් හෝ නොමැතිව පොලිස් ආරක්ෂාව ලබා ගෙන තිබුණු අතර ඔවුන් ආරක්ෂක කටයුතුවලින් බැහැරව නිවෙසේ වෙනත් රජාකාරී සඳහා යොදවා ගෙන තිබුණු තත්ත්වයක එලෙස නීත්‍යානුකූල නොවන ආකාරයට ලබාගෙන තිබුණු ආරක්ෂකයින් නැවත කැඳවීමට තීරණය කළ බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන නමුත් දැන් යළි එළඹ ඇත්තේ මැතිවරණය සමයක් වන හෙයින් නව ආණ්ඩුව බලයට පත් වූ පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවද විජිත හේරත් මහතා අවධාරණය කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ