මිනිස්සු කොච්චර පාරේ කෑගැහුවත් ප්‍රශ්නෙ විසඳන්න වෙන්නෙ ජනපතිත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා – දයාසිරි

Date:

ජනතාව කොතරම් පාරට බැස උද්ඝෝෂණය කළත් මේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳාගැනීමට සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තුවේ එකතුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

“පාරට බැහැලා මිනිස්සු උද්ඝෝෂණය කරන එක, කෑගහන එක සාධාරණයි. මේ රටේ ජනතාව පාරට බැහැලා ඉල්ලන්නෙ එක, ගෝඨා ගෝ හෝම් කියන කාරණය. දෙක, රාජපක්ෂවරුන් ගෙදර යා යුතුයි කියන කාරණය. රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම රටේ ජනතාවගේ ඉල්ලීමක්. අපි එහෙම නැතුව කැබිනට් මණ්ඩලයක් හදලා හෙට උදේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළොත් නැවත අනිවාර්යයෙන් මිනිස්සු පාරට බහින එක නවත්තන්න හම්බුවෙන්නෙ නෑ. මේ වැඩපිළිවෙල තුළ තමයි අපි කියන්නෙ අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා යම්කිසි කාල වකවානුවක් එක්ක ඉදිරියට යන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. මිනිස්සු කොයි තරම් පාරේ කෑගැහුවත් ප්‍රශ්නෙ විසඳන්න තියෙන්නෙ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එකතුවෙලා”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...