IMF ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට. මූලික සාකච්ඡාවක් පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයින් කණ්ඩායමක් අද (02) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඔවුන් ඔක්තෝබර් 04 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත ය.

මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසිනි.

IMF නියෝජිතයින්ගේ මෙම සංචාරය පිළිබඳ කරුණු දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (01) පැවසුවේ මෙම කණ්ඩායම සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදුකෙරෙන බවත් එහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...