පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අබුහින්ද් – සිරිල් ගාමිණී පියතුමන්ගෙන් හෙළිදරව්වක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අබුහින්ද් යන අන්වර්ථ නාමයෙක් පෙනී සිටි තැනැත්තා බවත් ඒ නමින් පෙනී සිටියේ කවුද යන්න සොයාගැනීමට අපහසු කරුණක් නොව, දැනටමත් සොයාගෙන ඇති දෙයක් බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

“සහරාන්ට කාලෙක ඉඳන් ටෙලිෆෝන් එකෙන් කතා කරපු පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයා පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙදි හෙළිදරව් වෙනවා. ඒ හෙළිදරව් කිරීම කරන්නෙ එවකට සීඅයිඩී එක භාරව ඉඳපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා රවී සෙනවිරත්න මහත්මයා, අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔහු සාක්ෂි දෙමින් කියනවා අපි මේ අබුහින්ද් කියන්නේ කවුද කියන එක හෙව්වා කියලා. ඒ විනිශ්චයකාරතුමෙක් කොළයක නමක් ලියලා රවී සෙනවිරත්න මහත්තයාට එවනවා. රවී සෙනවිරත්න මහත්මයා මේක කියෙව්වාට පස්සෙ ඒ විනිශ්චයකාරතුමා අහනවා කොළේ තියෙන නම තියෙන කෙනාද පුද්ගලයා කියලා. එතකොට රවී සෙනවිරත්න මහත්මයා කියනවා ඔව් කියලා. දැන් මේ සිද්ධිය තියෙනවා විමර්ශන කොමිෂන් සභාවෙ වාර්තාවෙ. හැබැයි අර නම ලියපු කොළේ ඒ වාර්තාවෙ නෑ. වාර්තාවක් නම් ඒක තියෙන්නම ඕනානෙ ඒකෙ ? මේ අබුහින්ද් කියන පුද්ගලයා තමයි මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සෙ හිටපු මහමොළකරු. මේ අබුහින්ද් කියන්නෙ කවුද කියලා හරියට හොයන එක අමාරු දෙයක් නෙවෙයි, ඒක දන්න දෙයක්. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම හොයන්න වුවමනාවක් නැතිකම. මොකද හේතුව, එහෙම හෙව්වොත් මේ රටේ දේශපාලනඥයින්ගෙන් බොහෝ සංඛ්‍යාවක් එක්කො හිරේ ඉන්න ඕනෙ, එහෙම නැත්නම් ගෙදරම යන්න ඕනෙ ආපහු නොඑන්න”

සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවති “පාස්කු ප්‍රහාරය, පාර රාජ්‍යය සහ නොවිසඳුණු අභිරහස්” නම් කෘතිය එළිදැක්වීමේ උත්සවය අමතමිනි. මෙම කෘතිය සුනන්ද දේශප්‍රිය විසින් රචනා කරන ලද්දකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...